Friday, April 2, 2010

හත් වලාමෙ වෙච්ච දේට මක් කොරන්නද..?

එක එක දේවල් නිසා සෑහෙන දවසකින් බ්ලොග් එක ලියන්න බැරි වුනා..මොනවා හරි ලියන්නම් කියලා හිත හිත ඉද්දි මට වෙච්ච අවාසනාවන්ත සිද්ධිය බ්ලොග් එකේ නොලියා වෙන මොකේ ලියන්නද මං..
පායලා පායලා තිබිලා පහුගිය දවස් වල අපිටත් වැස්සනෙ.. පහුගිය බ්‍රහස්පතින්දා හවස හොඳටම වැස්සා..මම ඉතින් වැඩනේ.. මම හවස ගෙදර ගිහින් බලද්දි ඉන්ටර්නෙට් වැඩ නෑ.රවුටර් එක් පවර් වැඩ.. ADSL LED එක බ්ලින්ක් වෙනවා.LAN LED එක වැඩ කරන්නෙම නෑ..
අවසානයෙයෙදි හොයාගත්තා වෙච්චදේ.. ( වැස්ස වෙලාවෙ අකුණු ගහලා ට්‍රිප් එකත් ඕෆ් උනා කියලා ගෙදර උන්දැ කීවා ) දැන් හරි සනීපයි. රවුටරේ වල කජ්ජ ගහලා.
ඒ විතරක් නම් මදෑ ඔන් බෝර්ඩ් නෙට්වර්ක් ඇඩප්ටරයත් වැඩ නෑ.දැන් මොකේද දන් වලඳන්නෙ කීවලු...
එහෙන් මෙහෙන් අවුස්සලා නෙට්වර්ක් කාඩ් එකක් හොයගෙන ගහලා එකනම් හදාගත්තා. ඒත් රවුටරේට මොනවා කරන්නද..? මේ වගේ ප්‍රශ්න වලට වොරන්ටියෙන් සහයක් ගන්න බෑනෙ..අවුරුද්දත් කිට්ටු කිට්ටු කියලා සල්ලි ඕනෙම කරන වෙලාවෙ තව රවුටරයකුත් ගන්න වුනාම හරිම සනීපයි..මේ ජංජාලෙට පුරුදුවෙලා ඒක නැතුව ඉන්නත් බෑ.වැඩකරන තැන ඉන්ටර්නෙට් තියන නිසා මේ ටිකවත් ලියගත්තා..අදට නවතින්නම් ලඟදිම එනවා....

4 Comments:

  1. දුකා said...
    අයියෝ දැන් මොකෝ කරන්නේ . . . අර කිව්වත් වගේ දැන් නම් කෑම නැතුව ඉන්න පුලුවන් . . ඒත් ඉන්ටර්නෙට් නැතුව . . හප්පා . . හිතන්නවත් බෑ . .
    Gayan Tharaka said...
    මාර සීන් එකනේ.
    මාත් මේ සතියකින් ජංජාලෙට ගොඩ වැදුනේ.
    නෙට් නැතිව කෑවත් නොකෑව වගේ නේ.
    නවීන් එනුෂාන් එදිරිසිංහ said...
    matath okama wuna welawata wareenty thibbe dan hari
    නවීන් එනුෂාන් එදිරිසිංහ said...
    matath okama wuna welawata wareenty thibbe dan hari

Post a Comment



Related Posts with Thumbnails