.
පහුගිය දවසක අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාණු කණ්ඩායම හමුවේ ලකුණු 43ට දැවී ගියා. මේ පරාජයත් සමඟ අපේ සමහර ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් ගැන කතා කරද්දිත් කේන්ති යනවා. ඒක ගැටලුවක් නෙමේ. මොකද අපි කවුරුත් කැමති අපේ කණ්ඩායම නිතර ජයග්‍රහනය කරනවනම් තමයි.
මීට පෙර අපේ කණ්ඩායම ලබාගෙන තිබුන අවම ලකුණු සංඛ්‍යාව තමයි බටහිර ඉන්දිය කණ්ඩායම හමුවේ ලබාගත් ලකුණු 55. එම වාර්තාව මෙවර බිඳ වැටුනා.මෙවර අපි ලබාගත්තෙ ලකුණු 43ක් පමණයි.එක්දින තරඟයකදී අපේ කණ්ඩායම ලබාගත් මේ ලකුණු සංඛ්‍යාව ලොව 4 වෙනියට ලබාගත් අවම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් වල ලියවුනා.
මේ විදියෙ වටපිටාවක් තුල මට නිකමට හිතුනා ලොව අඩුම කණ්ඩායම් ලකුණු ලබාගත් අනෙක් අවස්තාවන් තුන ගැන හොයල බලන්න. එතන මුලින්ම ඉන්නෙ ලකුණු 35ක් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායමයි.දෙවනි ස්ථානය ලකුණු 36ක් ලබාගත් කැනඩා කණ්ඩායම.තුන්වෙනි ස්ථානය නැවතත් සිම්බාබ්වේ. ලකුණු 38යි. වැද්ගත්ම දේ තමයි මේ අවස්තා තුනේදිම මේ කණ්ඩායම් මේ විදියට දවාගත් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම වීම.
මේ ලැයිස්තුව තවත් පහලට යද්දි, 9 වෙනි ස්ථානයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම ලකුණු 54ට දැවී ගිහින් තියනවා. එයත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ.එහෙම බලද්දි පොඩි සතුටකුත් දැනෙනවා.හැම අඳුරු වලාවකම රිදී රේකාවක් තියනව කියල කියනවනෙ.
දැන් බලමු මේ කතාවට චමින්ද වාස්ගෙ තියන සම්බන්ධය මොකක්ද කියලා. එක්දින ක්‍රිකට් තරඟ ඉතිහාසයේ අඩුම කණ්ඩායම් ලකුණු ලබාගත් ප්‍රථම දෙවන හා තුන්වන අවස්තා වලදී ඒ දස්කම කල කණ්ඩායම අපේ ශ්‍රී ලංකා කණ්ඩායම්යි.මේ ඉනිම් තුනේදි අපි කඩුලු 30ක් දවාගෙන තියනවා.ඉන් කඩුලු 15ක්ම ලබාගෙන තියෙන්නෙ චමින්ද වාස්.
ඒ මෙන්න මේ විදියට
( 1) සිම්බාබ්වේ කණ්ඩායම 35 - වාස් කඩුලු 4
(2 ) කැනඩා කණ්ඩායම 36 - වාස් කඩුලු 4
( 3) සිම්බාබ්වේ කණ්ඩායම 38 - වාස් කඩුලු 8
මින් තුන්වන අවස්තාව වන කඩුලු 8ක් දවගත් අවස්තාව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමක ක්‍රීඩකයකු ලැබූ ඉහලම කඩුලු සංඛ්‍යාව සඳහා වන ලෝක වාර්තාවයි.
ඒ විතරක් නෙමෙයි. මේ ලැයිස්තුවේ 9 වෙනි තැන ඉන්දීය කණ්ඩායම ලකුණු 54ට දැවී ගිය බව ඉහතින සඳහන් වුනා.එම තරහයේදීත් චමින්ද වාස් කඩුලු 5ක් ලබාගෙන තියනවා.
ඒ අවස්තාව මේ වීඩියෝ එකෙන් බලන්න පුලුවන්
Labels: ක්‍රිකට්

සනත් ජයසූරියගේ ක්‍රීඩා දිවිය ගැන දැන් ලොකු සාකච්ඡාවක් ඇතිවී තිබේ.පිරිසක් තව දුරටත් ඔහු ක්‍රීඩා කරනු දැකීමට කැමතිය.තව පිරිසක් ඔහු දැන් ක්‍රීඩාවෙන් සමුගත්යුතු කාලය පැමිණ ඇති බව කියති.
ශ්‍රි ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කර ඇති සේවය කෙසේවත් අවතක්සේරු නොකළ යුතුය.එමෙන්ම නිසි අවස්ථාව එළඹි කල ක්‍රීඩාවෙන් සමුගෙන නවකයන්ට අවස්ථාව ලබාදීමද කළ යුතු දෙයකි.
මීලඟ ලෝක කුසලාන තරඟාවලිය තෙක් තමන් ක්‍රීඩා කරනු දැකීම ජනතා අපේක්ෂාව බව සනත් ජයසූරිය පැවසූ බව අප පුවත්පත්වලින් දුටුවෙමු.
මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලැබුනේ දේශපාලනයටද නොයෙසේ නම් ක්‍රිකට් ක්‍රීඩා කිරීමටදැයි මම නොදනිමි.
කෙසේ වෙතත් මේ පිළිබඳව බ්ලොග් අවකාශයේ කැමත්ත කුමක්දැයි විමසන්නට මම සිතුවෙමි.එබවින් සනත් ජයසූරියගේ අනාගත තීරනය කුමක් විය යුතුදැයි ඔබේ අදහස දක්වන මෙන් මම ඉල්ලා සිටිමි.( දකුණු පස තීරුව තුල එය ඇතුලත්ව ඇත)
Labels: ක්‍රිකට්
Labels: ක්‍රිකට්