Thursday, December 31, 2009

2009 අවසන්....! 2010......?


2009 වසර අවසන් වෙලා 2010 වසර උදාවෙන්න තව පැය කීපයයි.මේ විදියට වසර කීපයක් අපි පහු කලාද..? ඒ හැම එකකටම වඩා මේ අවුරුද්ද සුවිශේෂයි.පෞද්ගලිකව මගෙ පැත්ත බැලුවොත් වසර ආරම්භයෙදිම රට රස්සාවෙන් මිදිලා ලංකාවට එන්න අවස්ථාව උදාකරගන්න පුලුවන් වුනා.ඒ වගේම මගෙ විවාහය සිදුවුනෙත් මේ ගෙවීයන අවුරුද්දෙ මාර්තු මාසෙ.තවත් ඉදිරියට ගියොත් මගෙ දයාබර බිරිඳ දැන් දරු ප්‍රසූතියකට සූදානම් වෙමින් ඉන්නවා.ඒ අතින් බැලුවම මේ වසර මගෙ ජීවිතයට ඉතාමත් වැදගත්.

පොදුවේ රට ගැන හිතුවොත් අවුරුදු තිස් ගණ්නක් තිස්සෙ ඇදිලා ගිය LTTE ත්‍රස්තවාදය නිමාවෙලා තියනවා.උපන්දා සිට අහන්න දකින්න විඳින්න ලැබුන මේ කරදරයට මතු පරපුරට මුහුනදෙන්න වෙන්නැති එකම ලොකු දෙයක්.ඒ තුලින් ලබන්නාවු නව වසරත් සමඟ රටට හොඳ අනාගතයක් උදාවේවි යැයි මම සිතුවා.එත් වසර අවසන් වෙන්නටත් පළමුව සියලුම දේශපාලන පක්ෂ කා කොටාගනිමින් නටන නාඩගම දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා.පක්ෂ විපක්ෂ ලෙස රටේ අනාගතය වෙනුවෙන් හරවත් සංවාදයක යෙදෙනවා වෙනුවට අද දවසේ මොවුන් මේ කරන්නෙ කුමක්ද..?

වචනයෙන් විස්තර නොහැකි ජුගුප්සාජනක දේ කියමින්, කරමින්, විලි ලැජ්ජානැති විදියට හැසිරෙමින්, මොවුන් මේ පොර කන්නේ කුමකටද..?

මේ රට සුරපුරක් කරන්නලු....!
ජනතාව සුඛිත මුදිත කරන්නලු....!
අඳෝමැයි.....

සියලු අලකලංචි මැද කලය ගෙවීයනු ඇත.නව වසරක් උදාවනු ඇත.ලබන්නාවූ නව වසරේ බ්ලොග් කියවන ලියන සැමටත්, රටවැසි සියලු දෙනාටමත්, යහපතක්ම වේවායි මම හදවතින්ම සුභ පතමි.

Saturday, December 26, 2009

ආත්මාර්ථකාමී ඡායාරූප ශිල්පියා

බොහෝ විට ඡායාරූප ශිල්පීන් ඡායාරූපයට නගන්නෙ අප අවට පරිසරය සහ අප අවට සිටින පුද්ගලයන්.තමන්ව ඡායාරූපයකට නගාගන්න උවමනානම් අපි වෙන කෙනෙක්ගෙ සහය පතනවා.තමන්ව තමන්ටම ඡායාරූපයකට නගාගන්න කෙනෙක්ට හිතෙන්නෙ කලාතුරකින්.එක අතකට ඒක ආත්මර්ථකාමී අදහසක්.මගෙ පරිඝනකය අවුස්සද්දි මට ඒ විදියෙ ඡායාරූපයක් හමුවුනා.බලන්නකො කොහොමද කියලා. අවුරුදු හතකට පමණ පෙර මට මෙහෙම එකක් ගන්න හිතුනෙ මොකද කියලා මට දැන් මතක නෑ.ඩිජිටල් කැමරාවක් අතින්වත් අල්ලල නොතිබුන එ කාලෙ ෆිල්ම් රෝල් වලට සල්ලි වියදම් කර කර කරලතියන දේවල් දැක්කම හිනත් යනවා.ඒත් ඔය කැමරාවෙන් සෑහෙන දෙයක් ඉගෙනගත්තා.එකත් ලොකු දෙයක්නෙ.


Sunday, December 13, 2009

ADSL ජන්ජාලෙ

කාලයක් තටම තටම ඉඳල ඔන්න මමත් මටම කියල ගෙදරටම අන්ත‍ර්ජාල සම්බන්දතාවය ගත්තා.කාලයක් දුරු රටක තනිවෙලා ඉද්දි අන්තර්ජාලෙට ඇබ්බැහි වුන මට එකෙන් මිදෙන්නම බෑ දැන්.දැන් කලෙ හැටියට වෙන දහ ජරාවකට පුරුදුවෙනවට වඩා මෙක හොඳයිනෙ.
මෙහෙයුම පටන් ගනිද්දි මට තිබුනෙ සිටි ලින්ක් ෆෝන් එකක්.මුලින්ම ටෙලිෆෝන් ලයින් එක ඉල්ලුවා.ඔන්න සල්ලි බඳින්න කීවා.එසැනින් සල්ලි බැන්දා.සතියක් යන්න කලින් ඇවිල්ලා හයි කරල ගියෙ නැද්ද ෆෝන් එක.ඊට දවස් තුනකට පස්සෙ සම්බන්දතාවයත් දුන්නෙ නැද්ද.එදා හවසම කතා කරලා අහුවා කෝ මගෙ අන්තර්ජාලෙ කියල.දවස් තුන යද්දි දෙනවා කීවා.මේ
වෙනකොට මම මොඩම් එක එහෙම ගෙනල්ලා දතකට මැදගෙන හිටියෙ.ඉවසන් ඉන්න බැරි තැන මන් දවස් දෙකෙන් ආයෙ කතා කරලා බැලුවා.දැන් අන්තර්ජාලය දීලා තියෙන්නෙ කියල කීවා.ඔන්න මන් වැඩේට බැස්සා.වැඩේ ගොඩ.රෑ ටොරන්ට් එකක් බෑවෙන්න දාලා නිදාගත්නා.උදේ බලද්දි ටොරන්ට් එක 97%. ඒත් ජන්ජාලෙ හිටලා.ADSL වලට අදාල LED එක බ්ලින්ක් වෙනවා.දන්න විදියට බැලුවා හරි ගියෙම නෑනෙ.අයෙ කතා කලා අදාල අංශ වලට පැය 2-3 යද්දි අවෙ නැද්ද ගෙදරටම.එයලා බලල කීවා මොඩම් එක අප්සෙට් කියලා.පහුවදාම ගිහින් මොඩම් එක දීලා රවුටර් එකක් ඉල්ලුවා.රවුටරේ ගනන් වැඩි නිසා වැඩිපුර මුදල අරන් ඔන්න එකත් දුන්නා.ගෙදර ආවා.රවුට‍ර් එක සම්බන්ද කලා.දැන් කිසි හෙනයක් නෑ. මම ගත්තෙ 512 සීමා රහිත සම්බන්දතාවය (බාන බෑවිල්ලට මොන සීමාවල්ද )ස්පීඩ් ටෙස්ට් කරපු හැම වෙලේම 512ට වඩා තිබුනා.දැන් නම් මාර සනීපයි. (බිල එනකල් )

ඊට වඩා ආතල් qsFOX ඇඩෝන් එක.ඒක නම් පට්ට.හදපු අයට තව තවත් මේ වගේ දේවල් කරන්නට ශක්තිය ලැබෙන්න කියලා හදවතිනම සුභ පතනවා.

Monday, December 7, 2009

මට තරු පෙනුනි.


රිමෝට් එක අතේ තියන වෙලවට හේතුවක් ඇතුව හෝ නැතුව ටී.වී එකේ චැන්ල් මාරු කරන එක දැන් කලෙ ගොඩක් අයට තියන සාමාන්‍ය ලෙඩක්නෙ. ඔය ලෙඩෙ මට තදේටම තියනවා.ඔන්න ඕක කරන්න ගිහින් තමා ඊයෙ රෑ මට තරු පෙනුනෙ.
එකක සුපර් ස්ටාර්ය. තව එකක මෙගා ස්ටාර්ය. තව එකක ඩ්‍රීම් ස්ටාර් සහ ලිට්ල් ස්ටාර්ය. තව එකක ශ්‍රි ලාංකික ජීවිතය සොයයි. නම වෙනස් උනාට කරිය එකකි. එකම රැයක සියලුම මාධ්‍ය අයතන මට තරු පෙන්නුවේය. ශ්‍රි ලාංකික කලා කෙත අස්වද්දන්නට සියලු මාධ්‍ය ආයතන පොරකති.
මේ ජර මර අස්සෙ තරු විසිවන තවත් තරු පොරයකුත් පේන්නට තිබුනි. ඒ අපේ මේ පුංචි රට සුර පුරයක් කරන්නට පොරකන දේශපාලක තුමන්ලාගේ තරු පොරයයි.
මට තරු පෙනී ඇස් නිලංකාර විය.

;;
Related Posts with Thumbnails