Thursday, October 30, 2008

උබුන්ටු ලැබුන හැටි


මම විවෘත මෘදුකාංග ගැන සම්පූර්ණයෙන්ම දැනුවත් වුනේ සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදයේ සාමාජික්යන්ගේ බ්ලොග් සටහන් කියවීමෙනුයි. ඒ අනුව මම උබුන්ටු සහ ෆෙඩෝරා යන මෙහෙයුම් පද්ධති දෙකම අන්තර්ජලය හරහා බාගත කලා. පරිඝණක කිහිපයක් මත ඒවා ස්ථාපනය කර්මින් ඒවා අත්හදාබලන්නට මගේ මිතුරන්ද සම්බන්ධ කරගත්තා. ඒ අනුව වඩාත් උනන්දු වූ මාගේ මිත්‍රයෙකු අන්තර්ජාලය හරහා උබුන්ටු ඇන්වුම් කලා. පසුගිය දිනක සෞදි අරාබියේ අපේ සේවා ස්ථානයට අප ඇන්වුම් කළ උබුන්ටු සංයුක්ත තැටිය ලැබුනා. මෙය ඉතාමත් සොම්නසට කාරණයක්.මෙම සටහන සෙනෙහසින් සිංහල බ්ලොග් කරුවන්ට තුති පුදකරන්නටයි.

;;
Related Posts with Thumbnails