.
පහුගිය ජනවාරි මාසෙ අපේ කැදැල්ලට පුංචි පුතෙක් එකතු වුන බව මම කලින් මේ අඩවියෙ සටහන් කලා.එක මෙතනින් බලන්න පුලුවන්.ඊට පස්සෙ පුතාට නමක් දාන්න බ්ලොග් අවකාශයේ අය එකතු වුන හැටි මෙතනින් බලන්න පුලුවන්.ඊට පස්සෙ පුතා ගැන මුකුත් මේ බ්ලොග් අඩවියෙ සටහන් කලේ නෑ.නමුත් අද විශේෂ දවසක්.අද උදේ යෙදුන සුභ මොහොතකින් පුංචි පුතාට ඉඳුල් කටගෑවා.ඉතින් අද ගෙදර හැමෝටම සතුටු දවසක්.
ඉඳුල් කට ගෑමේදී දරුවාට තමන් කැමති දෙයක් තොරාගන්නට ඔහු වටා නොයෙක් දේවල් තබන සිරිතක් තියනවනෙ.ඉතින් පුංචි පුතා තොරගත්තෙ කොම්පියුටර් මවුස් එකක්.මම වැඩිපුර වෙලාවක් ඉන්නෙත් කොම්පියුටර් එක එක්ක තමයි.ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියලත් කියනවනෙ...
Labels: පෞද්ගලික
මාස තුනකින් විතර බ්ලොග් එක ලියන්න බැරි වුනා. අන්තිමට ලීවෙ සනත් ගැන.වැඩි පිරිසකගෙ අදහස සනත් දිගටම දේශපාලනය කරනවනම් හොඳයි කියන එක.කොහොම හරි මේ දවස් වල සනත් ගැන කිසි ආරංචියක් නෑ.ඒ අතරේ මුරලි ඉතාමත් විශිෂ්ඨ විදියට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තා.ඒ ගැන බ්ලොග් එකක් ලියන්න හිතාගෙන හිටියත් ඉඩක් හම්බවුනේ නෑ.දැන් අලුත්ම මාතෘකාව රන්දිව්.. කොහොමහරි තුන් කොන් තරගාවලිය නම් ජය ගන්න ලැබුනා...
ඒ අන්තිම පෝස්ට් එක ගැන.. රැකියව කරන ස්ථානය මාරු කරන්න වුන නිසා බ්ලොග් ලිවිල්ල තවත් අතපසු වුනා.මොකද කලින් වැඩ කරපු තැනට වඩා දැන් වැඩකරන තැන ටිකක් දුර නිසා.ගෙදර ඉන්න තිබුන කාලෙන් පැය කීපයක් දැන් බස් එකේ ගතකරන්න වෙලා.කොහොම නමුත් බ්ලොග් එක ලියන එක නම් නවත්තන්නෙ නෑ.ඉඩක් ලැබෙන විදියට මොනවහරි ලියන්න හිතන් ඉන්නවා.මම බ්ලොග් ලියන්න පටන් ගනිද්දි සිංහල බ්ලොග් කරුවන්ගෙ සන්සදේ හිටියෙ දෙසිය ගනනක්. දැන් දාහත් පැනලා.ඒ නිසා ලියන්න වෙලාවක් නෑ කියවන්න ගියාම.කොහොම නමුත් මේ තරමට මේ දේවල් දියුනු වෙන එක සතුටට කරුණක්.කොහොම නමුත් ඉක්මනින්ම අයෙ පෝස්ට් එකක් දාන්න හිතන් ඉන්නවා..දැනට නවතින්නම්.
Labels: පෞද්ගලික
Labels: පෞද්ගලික
එක එක දේවල් නිසා සෑහෙන දවසකින් බ්ලොග් එක ලියන්න බැරි වුනා..මොනවා හරි ලියන්නම් කියලා හිත හිත ඉද්දි මට වෙච්ච අවාසනාවන්ත සිද්ධිය බ්ලොග් එකේ නොලියා වෙන මොකේ ලියන්නද මං..
පායලා පායලා තිබිලා පහුගිය දවස් වල අපිටත් වැස්සනෙ.. පහුගිය බ්‍රහස්පතින්දා හවස හොඳටම වැස්සා..මම ඉතින් වැඩනේ.. මම හවස ගෙදර ගිහින් බලද්දි ඉන්ටර්නෙට් වැඩ නෑ.රවුටර් එක් පවර් වැඩ.. ADSL LED එක බ්ලින්ක් වෙනවා.LAN LED එක වැඩ කරන්නෙම නෑ..
අවසානයෙයෙදි හොයාගත්තා වෙච්චදේ.. ( වැස්ස වෙලාවෙ අකුණු ගහලා ට්‍රිප් එකත් ඕෆ් උනා කියලා ගෙදර උන්දැ කීවා ) දැන් හරි සනීපයි. රවුටරේ වල කජ්ජ ගහලා.
ඒ විතරක් නම් මදෑ ඔන් බෝර්ඩ් නෙට්වර්ක් ඇඩප්ටරයත් වැඩ නෑ.දැන් මොකේද දන් වලඳන්නෙ කීවලු...
එහෙන් මෙහෙන් අවුස්සලා නෙට්වර්ක් කාඩ් එකක් හොයගෙන ගහලා එකනම් හදාගත්තා. ඒත් රවුටරේට මොනවා කරන්නද..? මේ වගේ ප්‍රශ්න වලට වොරන්ටියෙන් සහයක් ගන්න බෑනෙ..අවුරුද්දත් කිට්ටු කිට්ටු කියලා සල්ලි ඕනෙම කරන වෙලාවෙ තව රවුටරයකුත් ගන්න වුනාම හරිම සනීපයි..මේ ජංජාලෙට පුරුදුවෙලා ඒක නැතුව ඉන්නත් බෑ.වැඩකරන තැන ඉන්ටර්නෙට් තියන නිසා මේ ටිකවත් ලියගත්තා..අදට නවතින්නම් ලඟදිම එනවා....
Labels: පෞද්ගලික
මාසෙකින් විතර මුකුත් ලියන්නත් බැරි වුනා.පුතු පැටියා ලැබිලා අදට හරියටම මාසයයි.ඒ ගැන නම් හරිම සතුටුයි.
පහුගිය කාලෙ ඡන්ද උනුසුමනෙ.ඒ ගන ලියවුන බ්ලොග් බලලම මට බ්ලොග් ලියන්න වෙලාවක් නැති වුනා.මහ මැතිවරණයත් ලඟ එන නිසා තව කියවන්න නම් ලැබෙයි ගොඩාක් දේවල්..තර්කානුකූලව තම මතය සනාත කරනවා වෙනුවට හුඟක් අය ලීවෙ අවලාද.ඒකට ඉතින් වරදක් කියන්න බෑ.එකිනෙකාට මේ දේවල් දැනෙන විදිය වෙනස් වෙන්න පුලුවන්නෙ. කොහොම උනත් රූපවාහිණී නාලිකා වල දේශපාලන සංවද වගේම බ්ලොග්වල ලියවුන සංවාදත් හරිම රසවත්.
ඔය ජර මර අස්සෙම මම උබුන්ටු දැම්මා.මම කාලයක් තිස්සෙ xp සහ විස්ටා එකට පාවිච්චි කලා.ලඟදි මම විස්ටා වෙනුවට windows 7 දැම්මා.ඒ ගැන බ්ලොග් එකකුත් ලීවා.windows 7 කොච්චර අල්ලලා ගියාද කියතොත් xp වලට යන්න උනේම නෑ.ඒ නිසා මම xp වලින් සමුගන්න හිතුවා.ඊට පස්සෙ 7 දැම්මා.ඊටත් පස්සෙ 7 එක්කම උබුන්ටුත් දාගත්තා.දැන් පොඩ්ඩ පොඩ්ඩ අල්ලගෙන යනවා.පරිඝනක ගැන කිසිම පාඨමාලාවක් හදාරලා නැති මට මේ වැඩේ නම් ටිකක් අමාරුයි.අවුලක් වුනොත් උදවු ගන්න බ්ලොග් ලියන අය ඉන්නවනෙ.
ඔය අස්සෙම මන් ලියපු බ්ලොග් එකක් පත්තෙර් ගියා කියලා ආරංචියක් ආවා.අනේ තාම පත්තෙරේ හොයගෙන බලන්න නම් බැරි වුනා.සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදේ මේ ගැන සාකච්ඡාවක් ගිය බව නම් මතකයි.කොහොම හරි එහෙම උනානම් ෆිට් තමයි.මේ වගේ වැඩ වලින් හමෝගෙම උනන්දුව වැඩි වෙනවා.
අදට නවතිනවා..අයෙ ඉක්මනට එනවා...
Labels: පෞද්ගලික
බ්ලොග් ලියන කියවන අයගෙන් පොඩි උදවුවක් ඉල්ලන්නයි යන්නෙ.මීට කලින් දාපු පොස්ට් එකේ කිවුවනෙ පුතෙක් හම්බුනා කියලා.දැන් ලස්සන නමක් දාගන්න ඕනනෙ. උපන් නැකත අනුව ලැබුන විස්තරේ මෙන්න මේක..
1. සිත නැකත, 3 පාදය, රාක්ෂ ගණ ---> ර - රා
2. කුම්භ ලග්නය ---> ප - බ - ම
3 .සිකුරදා දවස ---> ච - ජ
1 පේලිය වඩාත් හොඳයි.
2-3 පෙළි වල අකුරුවලට ඉස්පිලි පාපිලි වෙනස් වූවාට කමක් නැත.
මේ විස්තර අනුව නමක් යෝජනා කරන්න පුලුවන්නම් ගොඩාක් අගය කරනවා..
සීසර් සැත්කමකින් දරුවා ලැබුන නිසා තවමත් දරුවත් බිරිඳත් රෝහලෙ.දෙදෙනාම සනීපෙන්.මමත් ගොඩාක් සතුටින් ඉන්නෙ. කලින් පෝස්ට් එකට ලැබුන කමෙන්ට් වලට ගොඩක් ෆිට්.ඒ නිසා මෙතනදිත් ඔයාලගෙ හෘදයාංගම අදහස් බ්ලපොරොත්තු වෙනවා.
Labels: පෞද්ගලික
ගෙවුන ජීවිත කාලය තුල මට ඉතාම වැදගත් දවස් ආවා.ඒ හැමදාකම මට හිතුනා ජීවිතේ වටිනාම දවස ඒ දවස කියලා.කලය ගෙවිලා තව දවසක් ආවා.ඒ ඊයෙ දවස ( 2010 - 01 - 08 ) මට දැන් හිතෙනවා මගෙ ජීවිතේ වැදගත්ම දවස ඊයෙ කියලා..එකට හේතුව මම කියන්නම්.. ඒත් ඊට කලින් ඊයෙ දවස ගැන මගෙ මිත්‍රයෙක් මට එවපු ඊ මේල් එක පොඩ්ඩක් බලලා ඉන්න කියලා ආරාධනා කරනවා.ඒකෙ මෙහෙම තිබුනා....
" උඹ තාත්තෙක් උනා නෙද? මම දන්නව මම තාත්තෙක් උන දවසෙ මට දනුන හැගීම්ම උඹටත් දැනුන බව. ඒ වගෙම තමා ඒ මොහොතට කලින් හිතට එන බය. අනිවර්යයි උඹත් ඒ අත්දැකීම විදින්න ඇති. මේක අමුතු ලෝකයක් බන්. පුදුම විදියට අපි දැක්කෙවත්, දන්නෙවත් නැති අය අපේ ජීවිත තුලට ඇවිත් අපේ හදවත හොරා ගන්නවා. ඉන් පස්සෙ අපේ මුලු ලෝකයම එයාල වෙනවා. මේක තවත් කඩඉමක්. මම කලින් එතනට අවා. උඹ අද ආවා. ඉතින් මචන් අපි දෙන්නම දැන් තාත්තල. මම උඹට හදවතින්ම සුභ පතනවා. "
දැන් කාරණාව පැහැදිලි ඇතිනෙ.කියාගන්න බැරි හැඟීම් සමුදායකින් හිත පිරිලා තියන මේ වෙලාවෙ මට ගොඩක් දේවල් ලියාගන්න බෑ. දැනට නවතින්නම්.
Labels: පෞද්ගලික

ජනවාරි පළමුවෙනිදා උදේම මට වෙච්ච් දෙයක් කියන්නයි යන්නෙ..ඊට කලින් කියන්න ඔනෙ මම පරිඝනක මෘදුකාංග හෝ දෘඩකාංග ගැන කිසිම විද්‍යානුකූල අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙමෙයි.මගේම තියන ඇම්මට එහෙන් මෙහෙන් අහුලගෙන පොඩ්ඩ පොඩ්ඩ තනියම ඉගෙනගත්ත කෙනෙක් මම.
ඔන්න කතාව...මන් උදේම Computer එක ඔන් කලා..ඒත් මොනිටර් එකට කිසිම දෙයක් ආවෙ නෑ.යස අගේට ක්‍රියාකල යන්තරේ නතර වුනාම පිස්සු හැදෙනවනෙ..දෙපාරක් විතර OFF කරලා නැවත ON කලත් වැඩක් වුනේ නෑ.ඊට පස්සේ සේරම පැත්තක දාලා වැඩට ගියා.හවස පටන් ගත්තා මෙහෙයුම.මම දැනගෙන හිටියා ඩිස්ප්ලේ එක නොයෙන්න එක හෙතුවක් කියලා RAM වල තියන ප්‍රශ්ණ.මම මුලින් RAM කාර්ඩ් දෙක ගලවලා එක එක මරුවෙන් මාරුවට ගහලා බැලුවා.වැඩක් උනේ නෑ.
ඊට පස්සෙ සිග්නල් කේබල් එක ග්‍රැෆික් කාර්ඩ් එකෙන් ගලවලා ඔන් බෝර්ඩ් ගහලා බැලුවා.හරි ගියෙ නෑ.හාර්ඩ් ඩිස්ක් DVD ROM සේරම ගලවලා අයෙ බැලුවා අඩුගානෙ මදර් බෝර්ඩ් එකවත් පෙන්නනවද කියලා.එත් නෑ.මන් හිතුවා මදර් බෝර්ඩ් එකට කෙලවිලා කියලා.ඒක මාරුකරලා බලන්න විදියක් මට නෑනෙ.හදන තැනකට ගෙනියන්න හිතලා මදර් බෝර්ඩ් එක ගලවලා එලියට ගත්තා.එක කරන්නත් වෙන්නෙ හෙටනෙ.එ නිසා හිත හදාගෙන නිදාගත්තා.
ඊයෙ දෙවනිදා..ඒ කියන්නෙ සෙනසුරාදා.මගෙ නිවාඩු දවස.මේ ප්‍රස්නෙ විසඳගන්න හොඳම දවස.ඒත් යන්න කලින් ආයෙම උත්සහ කරලා බලන්න මට හිතුනා.මදර් බෝර්ඩ් එක මේසෙ උඩ තියලා පවර් සප්ල්යි එකත් මෙසෙ උඩ තියලා දෙක සම්බන්ද කාලා.සිග්නල් කේබල් එක ඔන් බොර්ඩ්ම ගහලා කී බෝර්ඩ් මවුස් සම්බන්ද කලා.පවර් ස්විච් එකට අදාල පින් දෙකට ටෙස්ටරයක් ගාවලා ඔන් කලා.සුපුරුදු පරිදි මොනිටරේටනම් මුකුත් ආවෙ නෑ.ආ කියන්න බැරි වුනා.නංගිගෙ Computer එක මගෙ මොනිටරේට ගහලා බැලුවා.මොනිටරේ අවුලක් නෑ.ඒක කලේ පළවෙනි දවසෙම...
මම අහලාතිබුනා RAM අප්සෙට් නම් බීෆ් කෝර්ඩ් එකෙන් දැනගන්න පුලුවන් කියලා.ඒත් මේ මදර් බෝඩ් එකේ ස්පීකර් එකක් නෑ.පරන ලට්ට පට්ට අවුස්සලා හොයගත්තා මදර් බෝර්ඩ් එකට ප්ලග් කරන්න පුලුවන් ස්පීකර් එකක්.එක ගහලා RAM දෙකම ගලවලා දාලා අයෙ ඔන් කලා..ආ.. ඔය එන්නෙ සද්දෙ නියමෙට..ඒ කියන්නෙ මදර් බෝර්ඩ් එක දන්නවා RAM නෑ කියලා. ඒ නිසා මට හිතුනා මදර් බෝර්ඩ් එකෙ අවුලක් නැද්ද දන්නෙත් නෑ කියලා. කෝකටත් එක RAM එකක් ගහලා ඔන් කලා.මෙන්න යකෝ ඩිස්ප්ලේ එක අවා.ඔන්න දැන් හිතට පොඩි සහනයක් ආවා. අනිත් RAM එකත් ගහලා බැලුවා.එත් වැඩ.ඒ කියන්නෙ RAM හොඳා.ග්‍රැෆික් කාර්ඩ් එකටත් ගහලා බැලුවා.එත් වැඩ.එකෙ අවුලක් තිබිලත් නෑ.ඊට පස්සෙ හාර්ඩ් ඩිස්ක් එක ගහලා ඔන් කලා.සෝක් එකට බූට් වෙලා Windows 7 ඇරුනා.ඊටපස්සෙ සේරම කෑලි ටික ගලවලා.හොඳට දූවිලි පිහලා සේරම අමුනලා ගත්තා.දැන් නම් කිසි හෙනයක් නෑ.
පින් සිද්දවෙයි දන්න කෙනෙක් මට කියන්න මේකෙ තිබුන ලෙඩේ මොකක්ද….?
Labels: පෞද්ගලික

2009 වසර අවසන් වෙලා 2010 වසර උදාවෙන්න තව පැය කීපයයි.මේ විදියට වසර කීපයක් අපි පහු කලාද..? ඒ හැම එකකටම වඩා මේ අවුරුද්ද සුවිශේෂයි.පෞද්ගලිකව මගෙ පැත්ත බැලුවොත් වසර ආරම්භයෙදිම රට රස්සාවෙන් මිදිලා ලංකාවට එන්න අවස්ථාව උදාකරගන්න පුලුවන් වුනා.ඒ වගේම මගෙ විවාහය සිදුවුනෙත් මේ ගෙවීයන අවුරුද්දෙ මාර්තු මාසෙ.තවත් ඉදිරියට ගියොත් මගෙ දයාබර බිරිඳ දැන් දරු ප්‍රසූතියකට සූදානම් වෙමින් ඉන්නවා.ඒ අතින් බැලුවම මේ වසර මගෙ ජීවිතයට ඉතාමත් වැදගත්.
පොදුවේ රට ගැන හිතුවොත් අවුරුදු තිස් ගණ්නක් තිස්සෙ ඇදිලා ගිය LTTE ත්‍රස්තවාදය නිමාවෙලා තියනවා.උපන්දා සිට අහන්න දකින්න විඳින්න ලැබුන මේ කරදරයට මතු පරපුරට මුහුනදෙන්න වෙන්නැති එකම ලොකු දෙයක්.ඒ තුලින් ලබන්නාවු නව වසරත් සමඟ රටට හොඳ අනාගතයක් උදාවේවි යැයි මම සිතුවා.එත් වසර අවසන් වෙන්නටත් පළමුව සියලුම දේශපාලන පක්ෂ කා කොටාගනිමින් නටන නාඩගම දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා.පක්ෂ විපක්ෂ ලෙස රටේ අනාගතය වෙනුවෙන් හරවත් සංවාදයක යෙදෙනවා වෙනුවට අද දවසේ මොවුන් මේ කරන්නෙ කුමක්ද..?
වචනයෙන් විස්තර නොහැකි ජුගුප්සාජනක දේ කියමින්, කරමින්, විලි ලැජ්ජානැති විදියට හැසිරෙමින්, මොවුන් මේ පොර කන්නේ කුමකටද..?
මේ රට සුරපුරක් කරන්නලු....!
ජනතාව සුඛිත මුදිත කරන්නලු....!
අඳෝමැයි.....
සියලු අලකලංචි මැද කලය ගෙවීයනු ඇත.නව වසරක් උදාවනු ඇත.ලබන්නාවූ නව වසරේ බ්ලොග් කියවන ලියන සැමටත්, රටවැසි සියලු දෙනාටමත්, යහපතක්ම වේවායි මම හදවතින්ම සුභ පතමි.
Labels: නිදහස් අදහස්, පෞද්ගලික
කාලයක් තටම තටම ඉඳල ඔන්න මමත් මටම කියල ගෙදරටම අන්තර්ජාල සම්බන්දතාවය ගත්තා.කාලයක් දුරු රටක තනිවෙලා ඉද්දි අන්තර්ජාලෙට ඇබ්බැහි වුන මට එකෙන් මිදෙන්නම බෑ දැන්.දැන් කලෙ හැටියට වෙන දහ ජරාවකට පුරුදුවෙනවට වඩා මෙක හොඳයිනෙ.
මෙහෙයුම පටන් ගනිද්දි මට තිබුනෙ සිටි ලින්ක් ෆෝන් එකක්.මුලින්ම ටෙලිෆෝන් ලයින් එක ඉල්ලුවා.ඔන්න සල්ලි බඳින්න කීවා.එසැනින් සල්ලි බැන්දා.සතියක් යන්න කලින් ඇවිල්ලා හයි කරල ගියෙ නැද්ද ෆෝන් එක.ඊට දවස් තුනකට පස්සෙ සම්බන්දතාවයත් දුන්නෙ නැද්ද.එදා හවසම කතා කරලා අහුවා කෝ මගෙ අන්තර්ජාලෙ කියල.දවස් තුන යද්දි දෙනවා කීවා.මේ වෙනකොට මම මොඩම් එක එහෙම ගෙනල්ලා දතකට මැදගෙන හිටියෙ.ඉවසන් ඉන්න බැරි තැන මන් දවස් දෙකෙන් ආයෙ කතා කරලා බැලුවා.දැන් අන්තර්ජාලය දීලා තියෙන්නෙ කියල කීවා.ඔන්න මන් වැඩේට බැස්සා.වැඩේ ගොඩ.රෑ ටොරන්ට් එකක් බෑවෙන්න දාලා නිදාගත්නා.උදේ බලද්දි ටොරන්ට් එක 97%. ඒත් ජන්ජාලෙ හිටලා.ADSL වලට අදාල LED එක බ්ලින්ක් වෙනවා.දන්න විදියට බැලුවා හරි ගියෙම නෑනෙ.අයෙ කතා කලා අදාල අංශ වලට පැය 2-3 යද්දි අවෙ නැද්ද ගෙදරටම.එයලා බලල කීවා මොඩම් එක අප්සෙට් කියලා.පහුවදාම ගිහින් මොඩම් එක දීලා රවුටර් එකක් ඉල්ලුවා.රවුටරේ ගනන් වැඩි නිසා වැඩිපුර මුදල අරන් ඔන්න එකත් දුන්නා.ගෙදර ආවා.රවුටර් එක සම්බන්ද කලා.දැන් කිසි හෙනයක් නෑ. මම ගත්තෙ 512 සීමා රහිත සම්බන්දතාවය (බාන බෑවිල්ලට මොන සීමාවල්ද )ස්පීඩ් ටෙස්ට් කරපු හැම වෙලේම 512ට වඩා තිබුනා.දැන් නම් මාර සනීපයි. (බිල එනකල් )
ඊට වඩා ආතල් qsFOX ඇඩෝන් එක.ඒක නම් පට්ට.හදපු අයට තව තවත් මේ වගේ දේවල් කරන්නට ශක්තිය ලැබෙන්න කියලා හදවතිනම සුභ පතනවා.
Labels: පෞද්ගලික
මාස ගානකින් බ්ලොග් එකක් ලියන්න බැරි වුනා.මුලින්ම එකට හේතු කියන්න එපායැ.මම අවුරුදු 8ක් සෞදි අරබියෙ රැකියව කරලා පෙබරවාරි මාසෙ ලංකාවට ආවා.මර්තු මාසෙ යුග දිවියටත් එළඹුනා කියමුකො.ඊට පස්සෙ රැකියවට යන්න පටන් ගත්තා.දැන් Studio එකක Graphic Designer කෙනෙක් විදියට රැකියාව කරනවා.හැමදේම හොඳයි.එත් ඉතින් අන්තර්ජාලය නැතුව ඉන්න පුලුවන් කටද නේද? ගෙදර තියෙන්නෙ සිටි ලින්ක් ෆෝන් එකක්.දැන් ADSL ගන්න වෙහෙසෙනවා.තාම වැඩේ මඟ.ඔන්න ඔය අතරෙ මන් වැඩ කරන තැනට අන්තර්ජාලය ගත්තා.දැන් මටත් ආයතනයටත් හානියක් නොවෙන විදියට බ්ලොග් එක දිගටම ලියන්නයි කල්පනාව.කාලයක් නොලියපු නිසා මගෙ බ්ලොග් එක සින්ඩියෙන් අයින් කරලා තිබුනෙ.අයෙම ඉල්ලීමක් කරලා එකත් හදාගත්තා.ඒ වැඩ කටයුතු කරන අයටත් ගොඩක් ස්තුතියි.
Labels: පෞද්ගලික
පසුගිය දවස් ටිකේම කලේ බ්ලොග් කියවන එක.පසුගිය දවසක මමත් බ්ලොග් කරුවන්ගේ සමූහයේ සාමාජිකත්වය ගත්තා.දැන් දිගට හරහට mail ගලගෙන එනවා මගෙ Gmail එකට.ඒ හරහා සෑහෙන දනුමක් ලබගන්න පුලුවන් වුනා.අලුතෙන් හදපු බ්ලොග් කරුවන්ගේ සින්ඩිකේටරය ගැන දැනගන්න ලැබුනෙත් ඒ හරහම තමයි.මමත් බ්ලොග් ලැයිස්තුවට මගෙ බ්ලොග් එකත් එකතු කලා.අපේ ප්‍රවීන බ්ලොග් කරුවො ඉඩක් තියන විදියට අපි වගේ ආධුනික බ්ලොග් කරුවන්ගෙ බ්ලොග් එකකට පුංචි comment එකක් දනවනම් හිතට පොඩි දිරියක් ලැබෙනවා.ඉදිරියටත් බ්ලොග් ලියන අදහසින් අදට නවතිනවා.
Labels: පෞද්ගලික
පසුගිය මාසෙ බ්ලොග් ලියන්න පටන් ගත්තට එක දිගටම කරගෙන යන්න බැරිවුනා.ඒකට හේතුව වුනේ මගේ පරිඝණකය මාරුකරන්නට සිදුවීමයි.ඉඩක් ලැබෙන විදියට බ්ලොග් ලියන්න ආසයි.නමුත් මොකක් හරි වැඩක් යෙදෙනවා.එකත් එක හේතුවක්.කාලය කලමණාකරනය කිරීමත් කලාවක් කියලයි මට නම් හිතෙන්නෙ.කොහොම නමුත් මම නිතර අපේ බ්ලොග් කරුවන්ගේ බ්ලොග් කියවනවා.ඒ හරහා ගොඩාක් දේ දැනගන්න ලැබෙනවා.ඒ අතර විවිද මෘදුකාංග ගැන දැන ගන්නට ලැබීම සතුටට කරුණක්.ඔහොම යං.... ඔහොම යං....
Labels: පෞද්ගලික
Labels: පෞද්ගලික