Sunday, September 13, 2009

වලහා ගැන ප්‍රස්නයක්

තියන ප්‍රස්න මදිවට තව වලස්සුන්ගේ ප්‍රස්නත් ලියනවා කියලා මට බනින්න එහෙම එපා.මේක සරල බුද්ධි පරීක්ෂනයක්.උත්සහ කරලා බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා.
ප්‍රස්නෙ මේකයි. එක වලහෙක් තමන් ඉන්න තැන ඉඳන් කි.මි. 1 ක් දකුණට ගමන් කරනවා.ඊට පස්සේ එතන ඉඳන් කි.මි. 1 ක් නැගෙනහිරට ගමන් කරනවා.ඊටත් පස්සෙ උතුරට කි.මි. 1 ක් ගමන් කරනවා.මගෙ ප්‍රස්නෙ මේකයි.ඔය ගමන අවසානයේ වලහා නැවතත් මුලින් හිට්පු තැනටම ආවානම් මේ වලහගෙ පාට මොකක්ද..?
බැලූ බැල්මට විහිලුවක් වගේ පෙනුනට මෙකට ඉතාම තර්කානුකූල උත්තරයක් තියනවා.එහෙනම් උත්සහ කරලා බලන්න.

Friday, September 11, 2009

ALL IN ONE

කාලෙකට පෙර යාලුවෙක් මට එවපු e mail එකක සිත් ඇදගන්නාසුලු පිංතූරයක් තිබුනා.ගතවුන කාලයේ ලෝක ඉතිහාසය තුළ තමන්ගෙ නම රන් අකුරින් ලියාතැබූ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එකම තැනකට එකතු කරලා තිබුනා.ලොව පතල දාර්ශනිකයන්, විද්වතුන්, දේශපාලකයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් සියලුදෙනාම එකම තැනක.බලන්න මෙහි ඔබ හඳුනන අය කී දෙනෙක් මෙහි ඉන්නවද කියලා. හිතන්න මොවුන් අද අප ජීවත්වන ලෝකය නිර්මාණය වීමට කෙතරම් බලපෑමක් කලාද කියලා.පහල පිංතූරෙට ක්ලික් කරලා විශාල කරලම බලන්න.මම නම් මෙක ප්‍රින්ට් කරලා රමු කරලා බිත්තියෙ ගැහුවා.මොකද හිතෙන්නෙ කියලා ලියල යන්න අමතක කරන්න එපා හොඳද...



Saturday, November 1, 2008

දැක්ක ගමන් කන්න හිතෙනවා.


පොල් වලු පුවක් වලු දැක පුරුදු ශ්‍රි ලාංකික අපිට රටඉඳි වල්ලක් කියන්නෙ විශේෂ දෙයක්.සෞදි අරබියෙදි ඒ අත්දැකීම විදගන්න අපිට අවස්ථාව ලැබුනා.ඇසුරුම් කරනලද රටඉඳි හැර ස්වභාවිකවම ගහෙන් කඩාගෙන රටඉඳි කන්නනම් මේ වගේ රටකටම එන්න වෙනවා.විවිධාකාරයේ රටඉඳි වර්ග රාශියක් මෙහිදී දකින්න ලැබෙනවා.මිළ ගනන් බැලුවොත් ඉතා සුලු මුදලක සිට විශාල මුදලක් දක්වා වෙනස්වන පරාසයක විවිධ රටඉඳි වර්ග දකින්න පුලුවන්.

උෂ්ණ දේශගුණය සහිත මාස කීපය තුලදි පමණක් ඵල දරන මේ රටඉඳි ගස් වල පොල් පුවක් වගේ වසර පුරාම ගෙඩි දකින්න ලැබෙන්නේ නැහැ.වායුගෝලීය ආර්ධතාවය ඉතාමත් උච්ච වන කාල වකවනුව තුලදී රටඉඳි ගෙඩිය පරිපූර්ණත්වයට පත්වනවා.

මෙම ඡායාරූපය එවන් සරුසාර රටඉඳි පොකුරක්.පෞද්ගලිකව මා ඡායාරූපකරණයට ඉතා ඇලුම් කලත් මේ ඡායාරූපය ගත්තෙ නම් මම නොවෙයි.මෙහි අයිතිකරු සුදත් හේමන්ත නම් වූ මාගේ මිත්‍රයෙක්.මෙම සටහන ලියන්නට මට සිතුනෙත් මේ අනගි ඡායාරූපය නිසාමයි.

මොකද මේක දැක්කම හිතෙන්නේ....?

දැක්ක ගමා..........න් කන්න හිතෙනවා නේද......?

Wednesday, April 30, 2008

පුදුමයි ඒත් ඇත්තයි....!

ලෝකයේ ඕනෑම රටක නම කියූ සැනින් සිතියමකින් එය පෙන්නන එක එතරම්ම පහසු දෙයක් නම් නෙමෙයි.ඒ සඳහා සෑහෙන කලයක් තිස්සෙ සිතියම් අධ්‍යයනය කළ යුතුයි.ඒත් අවුරුදු දෙකක පුංචි දරුවෙක් ඒ හපන්කම කරනවා බලන්න මෙන්න ඔබටත් අවස්ථාවක්.....


;;
Related Posts with Thumbnails