Friday, January 13, 2012


පහුගිය දවසක අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාණු කණ්ඩායම හමුවේ ලකුණු 43ට දැවී ගියා. මේ පරාජයත් සමඟ අපේ සමහර ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් ගැන කතා කරද්දිත් කේන්ති යනවා. ඒක ගැටලුවක් නෙමේ. මොකද අපි කවුරුත් කැමති අපේ කණ්ඩායම නිතර ජයග්‍රහනය කරනවනම් තමයි.

මීට පෙර අපේ කණ්ඩායම ලබාගෙන තිබුන අවම ලකුණු සංඛ්‍යාව තමයි බටහිර ඉන්දිය කණ්ඩායම හමුවේ ලබාගත් ලකුණු 55. එම වාර්තාව මෙවර බිඳ වැටුනා.මෙවර අපි ලබාගත්
තෙ ලකුණු 43ක් පමණයි.එක්දින තරඟයකදී අපේ කණ්ඩායම ලබාගත් මේ ලකුණු සංඛ්‍යාව ලොව 4 වෙනියට ලබාගත් අවම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් වල ලියවුනා.

මේ විදියෙ වටපිටාවක් තුල මට නිකමට හිතුනා ලොව අඩුම කණ්ඩායම් ලකුණු ලබාගත් අනෙක් අවස්තාවන් තුන ගැන හොයල බලන්න. එතන මුලින්ම ඉන්නෙ ලකුණු 35ක් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායමයි.දෙවනි ස්ථානය ලකුණු 36ක් ලබාගත් කැනඩා කණ්ඩායම.තුන්වෙනි ස්ථානය නැවතත් සිම්බාබ්වේ. ලකුණු 38යි. වැද්ගත්ම දේ තමයි මේ අවස්තා තුනේදිම මේ කණ්ඩායම් මේ විදියට දවාගත් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම වීම.

මේ ලැයිස්තුව තවත් පහලට යද්දි, 9 වෙනි ස්ථානයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම
ලකුණු 54ට දැවී ගිහින් තියනවා. එයත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ.එහෙම බලද්දි පොඩි සතුටකුත් දැනෙනවා.හැම අඳුරු වලාවකම රිදී රේකාවක් තියනව කියල කියනවනෙ.

දැන් බලමු මේ කතාවට චමින්ද වාස්ගෙ තියන සම්බන්ධය මොකක්ද කියලා. එ
ක්දින ක්‍රිකට් තරඟ ඉතිහාසයේ අඩුම කණ්ඩායම් ලකුණු ලබාගත් ප්‍රථම දෙවන හා තුන්වන අවස්තා වලදී ඒ දස්කම කල කණ්ඩායම අපේ ශ්‍රී ලංකා කණ්ඩායම්යි.මේ ඉනිම් තුනේදි අපි කඩුලු 30ක් දවාගෙන තියනවා.ඉන් කඩුලු 15ක්ම ලබාගෙන තියෙන්නෙ චමින්ද වාස්.

ඒ මෙන්න මේ විදියට


( 1) සිම්බාබ්වේ කණ්ඩායම 35 - වාස් කඩුලු 4

(2 ) කැනඩා කණ්ඩායම 36 - වාස් කඩුලු 4
( 3) සිම්බාබ්වේ කණ්ඩායම 38 - වාස් කඩුලු 8

මින් තුන්වන අවස්තාව වන කඩුලු 8ක් දවගත් අවස්තාව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමක ක්‍රීඩකයකු ලැබූ ඉහලම කඩුලු
සංඛ්‍යාව සඳහා වන ලෝක වාර්තාවයි.


ඒ විතරක් නෙමෙයි. මේ ලැයිස්තුවේ 9 වෙනි තැන ඉන්දීය කණ්ඩායම ලකු
ණු 54ට දැවී ගිය බව ඉහතින සඳහන් වුනා.එම තරහයේදීත් චමින්ද වාස් කඩුලු 5ක් ලබාගෙන තියනවා.

ඒ අවස්තාව මේ වීඩියෝ එකෙන් බලන්න පුලුවන්

3 Comments:

  1. අසරණයා said...
    මැච් පැරදුනාම දුකයි තමයි එත් කවදාවත් බනින්නේ නැහැ.කුහක වෙන්න හොඳ නැහැ නේ.
    රාජ් said...
    මටත් මැච් එක ඉවරඋන හැටියෙ මතක් උනේ අර්ජුන, වාස්, අරවින්ද, ගුරුසිංහ වගේ අය. ඉස්සර හිටපුඅය අවංක හැගීමෙන් රට වෙනුවෙන් සෙල්ලම් කරපු අය. අද ඉන්නඅය තාක්ෂණයෙන් හැකියාවෙන් ඉස්සරහ හිටියට තරගයක් කොහොමහරි දිනන්න ඕන කියල හිතන අය නෙවේ. ඒකයි මෙච්චර ලැජ්ජාසහගත විදියට පරදින්නෙ.
    දේව් ගේ අඩවිය said...
    ඇත්තටම වාස් කියන්නේ මම කැමතිම බෝලර් කෙනෙක් බැටින් උනත් අවුලක් නැ නයිට් වොච්මන්නේ.... කොහොම උනත් මේකනම් තනිකර නොසැලකිල්ල්ලෙන් සෙල්ලම් කලා කියලා බලනකොට පේනුනා..

Post a Comment



Related Posts with Thumbnails