Sunday, September 13, 2009

වලහා ගැන ප්‍රස්නයක්

තියන ප්‍රස්න මදිවට තව වලස්සුන්ගේ ප්‍රස්නත් ලියනවා කියලා මට බනින්න එහෙම එපා.මේක සරල බුද්ධි පරීක්ෂනයක්.උත්සහ කරලා බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා.
ප්‍රස්නෙ මේකයි. එක වලහෙක් තමන් ඉන්න තැන ඉඳන් කි.මි. 1 ක් දකුණට ගමන් කරනවා.ඊට පස්සේ එතන ඉඳන් කි.මි. 1 ක් නැගෙනහිරට ගමන් කරනවා.ඊටත් පස්සෙ උතුරට කි.මි. 1 ක් ගමන් කරනවා.මගෙ ප්‍රස්නෙ මේකයි.ඔය ගමන අවසානයේ වලහා නැවතත් මුලින් හිට්පු තැනටම ආවානම් මේ වලහගෙ පාට මොකක්ද..?
බැලූ බැල්මට විහිලුවක් වගේ පෙනුනට මෙකට ඉතාම තර්කානුකූල උත්තරයක් තියනවා.එහෙනම් උත්සහ කරලා බලන්න.

12 Comments:

  1. උෂාන් කෝදාගොඩ විතාරණ said...
    වලහට හරි මහන්සි පාටයි
    Anonymous said...
    හොඳටම තෙමිච්ච පාටයි. 1km ගඟක උඩුගම් පීනල
    ප්‍රියන්ත කරුණාරත්න said...
    මම කීවනෙ විහිලුවක් නෙමේ කියලා.මේකට සාධාරන උතතරයක් තියනවා.හෙට උත්තරේ කියන්නම්.ඒ අතරෙ දන්න කෙනෙක් කියමු බලන්න හරි උත්තරේ...
    Chanaka Aruna Munasinghe said...
    හිම වලස්සු සාමාන්‍යයෙන්නම් සුදු පාටලු. හැබැයි කලාතුරකින් එකෙක් කලු වෙන්නත් පුලුවන්ලු
    Anonymous said...
    http://www.jimloy.com/puzz/bear0.htm

    google thiyenkan owwath wada da Ayya...!!!
    budhajeewa said...
    This comment has been removed by the author.
    ප්‍රියන්ත කරුණාරත්න said...
    කෙනෙක් අන්තර්ජාලයෙන්ම උත්තරය හොයගෙන තිබුනා.ඒත් එයා කවුද කියලා අපි දන්නේ නෑ.තව කෙනෙක් ප්‍රශ්නය නිවැරදි නොවන බවට දිග හේතුවක් ලියලා,පසුව අයින් කරගෙන තිබුනා.කොහොම නමුත් ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි.
    budhajeewa said...
    මම ඒක අයින් කරගත්තේ අර වෙබ් ලින්ක් එක දැක්කට පස්සේ. ඒක දැක්කම මේ සිද්ධිය ඇත්තටම වෙන්න පුළුවන් එකක් බව තේරුනාම තවත් ඒක වෙන්න බෑ කියන එකේ තේරුමක් නැති නිසා අයින් කළේ. :P
    ප්‍රියන්ත කරුණාරත්න said...
    to supun
    ඔබේ නිහතමානී කමට මම ඉතාමත් ගරු කරනවා.
    budhajeewa said...
    @ප්‍රියන්‍ත:
    :)
    Anonymous said...
    අම්ම‍ට උඩු මූ මාර කැ... වලහෙක්නෙ බන් ??? මූ කොහෙද ගියා... මදිවට අපි උගෙ පාටත් කියන්න ඹ්නෙ ?? :D
    නවීන් එනුෂාන් එදිරිසිංහ said...
    hema walassu sudu pataye enne uthardrawaye akye uwa awidata enne akaMA THANA

Post a Comment



Related Posts with Thumbnails