Sunday, September 13, 2009

වලහා ගැන ප්‍රස්නයක්

තියන ප්‍රස්න මදිවට තව වලස්සුන්ගේ ප්‍රස්නත් ලියනවා කියලා මට බනින්න එහෙම එපා.මේක සරල බුද්ධි පරීක්ෂනයක්.උත්සහ කරලා බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා.
ප්‍රස්නෙ මේකයි. එක වලහෙක් තමන් ඉන්න තැන ඉඳන් කි.මි. 1 ක් දකුණට ගමන් කරනවා.ඊට පස්සේ එතන ඉඳන් කි.මි. 1 ක් නැගෙනහිරට ගමන් කරනවා.ඊටත් පස්සෙ උතුරට කි.මි. 1 ක් ගමන් කරනවා.මගෙ ප්‍රස්නෙ මේකයි.ඔය ගමන අවසානයේ වලහා නැවතත් මුලින් හිට්පු තැනටම ආවානම් මේ වලහගෙ පාට මොකක්ද..?
බැලූ බැල්මට විහිලුවක් වගේ පෙනුනට මෙකට ඉතාම තර්කානුකූල උත්තරයක් තියනවා.එහෙනම් උත්සහ කරලා බලන්න.

Friday, September 11, 2009

ALL IN ONE

කාලෙකට පෙර යාලුවෙක් මට එවපු e mail එකක සිත් ඇදගන්නාසුලු පිංතූරයක් තිබුනා.ගතවුන කාලයේ ලෝක ඉතිහාසය තුළ තමන්ගෙ නම රන් අකුරින් ලියාතැබූ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එකම තැනකට එකතු කරලා තිබුනා.ලොව පතල දාර්ශනිකයන්, විද්වතුන්, දේශපාලකයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් සියලුදෙනාම එකම තැනක.බලන්න මෙහි ඔබ හඳුනන අය කී දෙනෙක් මෙහි ඉන්නවද කියලා. හිතන්න මොවුන් අද අප ජීවත්වන ලෝකය නිර්මාණය වීමට කෙතරම් බලපෑමක් කලාද කියලා.පහල පිංතූරෙට ක්ලික් කරලා විශාල කරලම බලන්න.මම නම් මෙක ප්‍රින්ට් කරලා රමු කරලා බිත්තියෙ ගැහුවා.මොකද හිතෙන්නෙ කියලා ලියල යන්න අමතක කරන්න එපා හොඳද...



Wednesday, September 9, 2009

ඡායාරූප දෙකක්

මා ඡායාරූපකරණයට කෙතරම් ඇලුම් කලත් ඒ සඳහා කාලය වෙන්කර ගැනීමට මා නොපෙළඹෙන්නේ මන්දැයි මටම ගැටලුවකි.ඊටත් වඩා ගැටලුව වන්නේ කාලයක් තිස්සේ බ්ලොග් කරණයේ යෙදුනත් මගේ ඡායාරූප මෙම බ්ලොග් අඩවියට එක් කිරීමට නොපෙළඹීමයි.කෙසේ වෙතත් අද දින මගේ ඡායාරූප දෙකක් ඉදිරිපත් කිරීමට මම සිතුවෙමි.මේ ඡායාරූප පිළිබඳව ඔබගේ නොමසුරු අදහස්, උදහස්,යෝජනා,චෝදනා මගේ දියුනුවට බොහෝ උපකාරීවන බව කරුණාවෙන් මතක්කරමි.



;;
Related Posts with Thumbnails