Monday, February 8, 2010

එහෙන් මෙහෙන් පොඩ්ඩ පොඩ්ඩ..

මාසෙකින් විතර මුකුත් ලියන්නත් බැරි වුනා.පුතු පැටියා ලැබිලා අදට හරියටම මාසයයි.ඒ ගැන නම් හරිම සතුටුයි.
පහුගිය කාලෙ ඡන්ද උනුසුමනෙ.ඒ ගන ලියවුන බ්ලොග් බලලම මට බ්ලොග් ලියන්න වෙලාවක් නැති වුනා.මහ මැතිවරණයත් ලඟ එන නිසා තව කියවන්න නම් ලැබෙයි ගොඩාක් දේවල්..තර්කානුකූලව තම මතය සනාත කරනවා වෙනුවට හුඟක් අය ලීවෙ අවලාද.ඒකට ඉතින් වරදක් කියන්න බෑ.එකිනෙකාට මේ දේවල් දැනෙන විදිය වෙනස් වෙන්න පුලුවන්නෙ. කොහොම උනත් රූපවාහිණී නාලිකා වල දේශපාලන සංවද වගේම බ්ලොග්වල ලියවුන සංවාදත් හරිම රසවත්.

ඔය ජර මර අස්සෙම මම උබුන්ටු දැම්මා.මම කාලයක් තිස්සෙ xp සහ විස්ටා එකට පාවිච්චි කලා.ලඟදි මම විස්ටා වෙනුවට windows 7 දැම්මා.ඒ ගැන බ්ලොග් එකකුත් ලීවා.windows 7 කොච්චර අල්ලලා ගියාද කියතොත් xp වලට යන්න උනේම නෑ.ඒ නිසා මම xp වලින් සමුගන්න හිතුවා.ඊට පස්සෙ 7 දැම්මා.ඊටත් පස්සෙ 7 එක්කම උබුන්ටුත් දාගත්තා.දැන් පොඩ්ඩ පොඩ්ඩ අල්ලගෙන යනවා.පරිඝනක ගැන කිසිම පාඨමාලාවක් හදාරලා නැති මට මේ වැඩේ නම් ටිකක් අමාරුයි.අවුලක් වුනොත් උදවු ගන්න බ්ලොග් ලියන අය ඉන්නවනෙ.

ඔය අස්සෙම මන් ලියපු බ්ලොග් එකක් පත්තෙර් ගියා කියලා ආරංචියක් ආවා.අනේ තාම පත්තෙරේ හොයගෙන බලන්න නම් බැරි වුනා.සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදේ මේ ගැන සාකච්ඡාවක් ගිය බව නම් මතකයි.කොහොම හරි එහෙම උනානම් ෆිට් තමයි.මේ වගේ වැඩ වලින් හමෝගෙම උනන්දුව වැඩි වෙනවා.

අදට නවතිනවා..අයෙ ඉක්මනට එනවා...

4 Comments:

  1. malee_msg said...
    පුතාට නමක් දැම්මැයි???
    ප්‍රියන්ත කරුණාරත්න said...
    අනේ සමාවෙන්න. මම ලියන්නම හිටියා..අමතක වුනා නොවැ...
    පුතාගෙ නම ගීනුල දුල්මිත් කරුණාරත්න.
    බිඟූ said...
    :)

    ela...
    හෙළයා said...
    පුංචි කොල්ලට සුබ පැතුම් අපෙන්. මේ ලෝකයේ දීර්ග ගමනක් යන්න ලැබේවා....!

Post a Comment



Related Posts with Thumbnails