Sunday, January 10, 2010

පොඩ්ඩට නමක්....?

බ්ලොග් ලියන කියවන අයගෙන් පොඩි උදවුවක් ඉල්ලන්නයි යන්නෙ.මීට කලින් දාපු පොස්ට් එකේ කිවුවනෙ පුතෙක් හම්බුනා කියලා.දැන් ලස්සන නමක් දාගන්න ඕනනෙ. උපන් නැකත අනුව ලැබුන විස්තරේ මෙන්න මේක..

1. සිත නැකත, 3 පාදය, රාක්ෂ ගණ ---> ර - රා
2. කුම්භ ලග්නය ---> ප - බ - ම
3 .සිකුරදා දවස ---> ච - ජ

1 පේලිය වඩාත් හොඳයි.
2-3 පෙළි වල අකුරුවලට ඉස්පිලි පාපිලි වෙනස් වූවාට කමක් නැත.

මේ විස්තර අනුව නමක් යෝජනා කරන්න පුලුවන්නම් ගොඩාක් අගය කරනවා..
සීසර් සැත්කමකින් දරුවා ලැබුන නිසා තවමත් දරුවත් බිරිඳත් රෝහලෙ.දෙදෙනාම සනීපෙන්.මමත් ගොඩාක් සතුටින් ඉන්නෙ. කලින් පෝස්ට් එකට ලැබුන කමෙන්ට් වලට ගොඩක් ෆිට්.ඒ නිසා මෙතනදිත් ඔයාලගෙ හෘදයාංගම අදහස් බ්ලපොරොත්තු වෙනවා.

19 Comments:

  1. Xpress (SiS™ ) said...
    රශ්මික ප්‍රියත් කරුණාරත්න
    රාජිත් තක්සල කරුණාරත්න
    වැප් said...
    මගේනුත් උදව්වක්
    රහල් / රන්දික / රවිමල් .....
    SL Tech Express said...
    රන්දිනු
    SL Tech Express said...
    රසිත/ත්
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ දිලංක මාධව,වැප්,සුළග
    බොහොම ස්තුතියි..
    මේ ක්‍රමයෙන් නම් ලේසියෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි වගේ.
    Anonymous said...
    නම් දානකොට එක නමයි, වාසගමයි දාපං මචන්..
    නැත්නම් මල අවුල, පිට රටකට ආවම (උඹටත් අත්දැකීම් ඇතිනේ)

    රසිත් කරුණාරත්න....
    හොද නැද්ද ඒක?
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ පිස්සා
    කතාව අත්ත.තව පොඩ්ඩක් හිතල බලමු.පොඩ්ඩගෙ අම්මගෙනුත් අහන්න ඕනනෙ..
    sanjeew said...
    " නම් දානකොට එක නමයි, වාසගමයි දාපං මචන්.."

    මේක තමයි හොදම ක්‍රමය
    Anonymous said...
    නමේ ඔක්කොම කෑලි 3 වුනාටනම් අවුලක් නැතිවෙයි. (මුලනම, මැදනම, වාසගම )

    මම යෝජනා කරනව රාහුල්, රිෂික, රවිඳු....
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ BEAUTIFUL SRI LANKA, indik
    ස්තුතියි..
    ඔබේ අදහස් මට පහසුවක් වේවි.
    බිඟූ said...
    කරුණාරත්න කෑල්ල ඕනෙමද?
    බිඟූ said...
    රශ්මික පබුදිත් කරුණාරත්න
    බිඟූ said...
    හැබැයි මචං පොදි බඩුවක් කියන්නම්.

    මේ නම හිතෙන හිතෙන එක දාන්න එපා.
    මොකද නමට ශක්තියක් තියෙනවා.
    සමහර නම් වල ඝණ පිහිටන්නේ පුද්ගලයාට සතුරු විදියට. (මම පොඩ්ඩක් මේ විද්‍යාව ඉගෙන තියෙනවා )
    අපි ආදරයට චූටි, සුදූ බට්ටී කියන එව්වා සමහර අයට විසයි.
    ඒක එයාගේ පෙර ගමනට සුදුසු නෑ...

    එක හින්දා පොඩ්ඩක් බලපන්කෝ..

    /බිඟුවා...!
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ බිඟුවා
    ඔබේ සහයෝගයට ගොඩාක් තුති....

    අහුබුදු මහත්ත්යගෙ කොලෙ තව සුභ අකුරු තියනවා.මම මුලින් පොස්ට් කලෙ සාමාන්යයෙන් අපි උපදෙස් ගන්න දෛවඤයාගෙන් ලැබුන උපදෙස්.ඔහු නැවත පරීක්ෂාකර අහුබුදු මහත්තයා දුන් අනිත් අකුරු වලටත් අනුමැතිය දුන්නා.ඒ අකුරු තමයි වෙ- වො- ක- කි- පෙ- පො- ර- රි- ග- ගි- ගු- ගෙ-
    හෙට නමක් තියනවා.ර යන්න මට අල්ලන්නෙ නෑ අප්පා.. බොහෝ විට වෙන අකුරක් යෙදේවි..
    උදවු කල සැමට ගොඩාක් ස්තුතියි.
    RanDil said...
    මම කලින් මේ පෝස්ට් එක දැක්කේ නැහැ. මම අහලා තියෙනවා ලංකාව වගේ රටවල් වල මිනිස්සුන්ට උෂ්ණාක්ෂර භාවිතාව එච්චර හොඳ නැහැ කියලා. ඒ කිව්වේ ෂ ශ වගේ අකුරු. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. (ඔය කියන කියන හැමදේම කරන්න බැහැ කියලා හිතුනත් අපේ ජීවිතේම දරුවෝ නිසා මග හරින්න පුළුවන් දේවල් මග හරින්න තමයි අපි දෙන්නා නම් තීරණය කරලා තිබෙන්නේ.)
    Bunny said...
    කරුණාරත්න කැල්ල දැම්මොතින් පොඩ්ඩගෙ අම්මට මොකක් හරි හිතෙන්ට පුලුවන් අයියේ ! :D
    (අනේ මන්දා මට නිකන් ඒක හිතුනෙ හොදේ!)
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ Randi
    බොහොම ස්තුතියි.ඒ ගැන සැලකිලිමත් වෙන්නම්.

    @ Bunny
    එයා බොහොම කැමැත්තෙන් එයාගෙ නමටත් කරුණාරත්න කෑල්ල පාවිච්චි කරනවා.ඒ නිසා අවුලක් වෙන එකක් නෑ. :)
    Anonymous said...
    ඇත්තෙන්ම මට නම් අදහසක් නෑ නමක් ගැන... මට අවබෝධයක් නෑ. හැබැයි කටට හුරු, උච්ඡාරණය පහසු නමක් ගැන සැලකිලිමත් වෙන්න. බිඟු අයියා කියන කාරණයත් ඇත්ත.

    -------
    කාලෙන් කාලෙට අපේ රටේ නම් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා. මීට අවුරුදු සීයකට එපිටින් විතර තිබුණු ට්‍රෙන්ඩ් එක තමා ඉංග්‍රීසි නම්. දෙමව්පියෝ තමන්ටවත් හරිහැටි කියවගන්න බැරි ඉංග්‍රීසි නම් දරුවන්ට දාපු එකෙන් වුණේ විහිළුවක්. හර්මන් හරමානිස් වුණා. බ්‍රම්පි බුරම්පි වුණා. විල්සන් විලිසොන් වුණා. මේ කතන්දරේ මම දැක්කේ මාටින් වික්‍රමසිංහ මහත්තයගේ පොතක... මතක හැටියට ඒකෙ නම "උපන් දා සිට".


    --------
    තව ටිකෙන් අතමක වෙනවා... මට වෙච්ච දේ කරුණාරත්න පොඩ්ඩට නං වෙන්න දෙන්න එපා. අදටත් මාත් එක්ක චැට් කරන්න චැට්රූම් වල කොල්ලො පොරකනවා.... මේ ශාකුන්තල කියන නම නිසා... :D (just kidding)
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ Shaakunthala
    ඔබේ අදහස් වලට ගොඩක් ස්තුතියි

Post a Comment



Related Posts with Thumbnails