Friday, October 15, 2010

පුංචි පුතාගේ ඉඳුල් කටගෑම

පහුගිය ජනවාරි මාසෙ අපේ කැදැල්ලට පුංචි පුතෙක් එකතු වුන බව මම කලින් මේ අඩවියෙ සටහන් කලා.එක මෙතනින් බලන්න පුලුවන්.ඊට පස්සෙ පුතාට නමක් දාන්න බ්ලොග් අවකාශයේ අය එකතු වුන හැටි මෙතනින් බලන්න පුලුවන්.ඊට පස්සෙ පුතා ගැන මුකුත් මේ බ්ලොග් අඩවියෙ සටහන් කලේ නෑ.නමුත් අද විශේෂ දවසක්.අද උදේ යෙදුන සුභ මොහොතකින් පුංචි පුතාට ඉඳුල් කටගෑවා.ඉතින් අද ගෙදර හැමෝටම සතුටු දවසක්.

ඉඳුල් කට ගෑමේදී දරුවාට තමන් කැමති දෙයක් තොරාගන්නට ඔහු වටා නොයෙක් දේවල් තබන සිරිතක් තියනවනෙ.ඉතින් පුංචි පුතා තොරගත්තෙ කොම්පියුටර් මවුස් එකක්.මම වැඩිපුර වෙලාවක් ඉන්නෙත් කොම්පියුටර් එක එක්ක තමයි.ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියලත් කියනවනෙ...

7 Comments:

  1. ibm said...
    ඇරපු අතක් නැ තාත්තා වගේමයි. වැඩයි පෙනුමයි
    බබාට සුබ අනාගතයක් වේවා !
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ ibm
    බොහොම ස්තුතියි
    Anonymous said...
    මට හිතුනෙ මෙහෙම කියන්න.............

    පුංචි පුතු මගේ හිනැහෙන්නෙ මං වගේ.............

    මේකයි මම කොල්ලව live දැකලා තියනවනේ...
    mouse එක නම් ඉස්සරලාම ගත්තේ sure අනාගතේ උබම තමයි.
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ චින්තකගේ කරදහිය......
    උඹේ Comment එකට ගොඩක් ස්තුතියි.
    මට ඉඳුල් කටගාපු දවසේ මම ගත්තෙ රේඩියෝ ට්‍රාන්ස්ෆෝමර් එකක්ලු (මගෙ තාත්තා Redio mechanic කෙනෙක්)එත් මට එලෙක්ට්‍රොනික් මෙලෝ දෙයක් බෑනේ.
    දුකා said...
    මචන් මගේ උනුසුම් සුභ පැතුම් . .

    කොල්ලත් එහෙනම් කොම්පූටර් අංශයේ දක්ශයෙක් වෙයි කවදා හරි නේද . .

    ස්වීට් කොලු පැටියා බන් . ..
    Hasitha Gunasinghe said...
    කොලු පැටියා තාත්තාගේම අඩි පාරේ යයි. පුතාට යහපත් අනාගතයක් පතනවා...........
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ දුකා & Hasitha
    comment කලාට ගොඩක් ස්තුතියි.පුතා මගෙ අඩිපාරෙ ගියත් නැතත් සමාජයට හොඳ පුර්වැසියෙක් දෙන්න ලැබුනොත් එක තම මම ලබන ලොකුම සතුට.

Post a Comment



Related Posts with Thumbnails