Tuesday, August 25, 2009

අලුත්ම තත්වෙ...!!

මාස ගානකින් බ්ලොග් එකක් ලියන්න බැරි වුනා.මුලින්ම එකට හේතු කියන්න එපායැ.මම අවුරුදු 8ක් සෞදි අරබියෙ රැකියව කරලා පෙබරවාරි මාසෙ ලංකාවට ආවා.මර්තු මාසෙ යුග දිවියටත් එළඹුනා කියමුකො.ඊට පස්සෙ රැකියවට යන්න පටන් ගත්තා.දැන් Studio එකක Graphic Designer කෙනෙක් විදියට රැකියාව කරනවා.හැමදේම හොඳයි.එත් ඉතින් අන්තර්ජාලය නැතුව ඉන්න පුලුවන් කටද නේද? ගෙදර තියෙන්නෙ සිටි ලින්ක් ෆෝන් එකක්.දැන් ADSL ගන්න වෙහෙසෙනවා.තාම වැඩේ මඟ.ඔන්න ඔය අතරෙ මන් වැඩ කරන තැනට අන්තර්ජාලය ගත්තා.දැන් මටත් ආයතනයටත් හානියක් නොවෙන විදියට බ්ලොග් එක දිගටම ලියන්නයි කල්පනාව.කාලයක් නොලියපු නිසා මගෙ බ්ලොග් එක සින්ඩියෙන් අයින් කරලා තිබුනෙ.අයෙම ඉල්ලීමක් කරලා එකත් හදාගත්තා.ඒ වැඩ කටයුතු කරන අයටත් ගොඩක් ස්තුතියි.

2 Comments:

  1. උෂාන් කෝදාගොඩ විතාරණ said...
    ඔයාගේ මුඛ්‍ය පාඨය නියමයි........කතාව ඇත්ත
    ප්‍රියන්ත කරුණාරත්න said...
    ඔය අදහස අවුරුදු ගානකට කලින් අක්කා කෙනෙක් මගෙ නෝට් පොතක අන්තිම පිටුවෙ ලියලා තිබුනා.ඒ කලෙ ඕකෙ බරපතලක් තේරුනෙ නෑ.පස්සෙ කාලෙ මුහුනදීපු අත්දැකීම් වලින් මටත් ඒ කතාවෙ වටිනාකම තේරුනා.ඒ නිසයි මම එක බ්ලොග් එකට ඇතුල් කලේ.තව අයට මුඛ්‍ය පාඨ ඇති.ඒවා අපටත් දැනගන්න සැලැස්සුවොත් අපේ ජීවිත වලට තව හොඳ දෙවල් එකතු කරගන්න පුලුවන් වේවි.

Post a Comment



Related Posts with Thumbnails