Sunday, December 13, 2009

ADSL ජන්ජාලෙ

කාලයක් තටම තටම ඉඳල ඔන්න මමත් මටම කියල ගෙදරටම අන්ත‍ර්ජාල සම්බන්දතාවය ගත්තා.කාලයක් දුරු රටක තනිවෙලා ඉද්දි අන්තර්ජාලෙට ඇබ්බැහි වුන මට එකෙන් මිදෙන්නම බෑ දැන්.දැන් කලෙ හැටියට වෙන දහ ජරාවකට පුරුදුවෙනවට වඩා මෙක හොඳයිනෙ.
මෙහෙයුම පටන් ගනිද්දි මට තිබුනෙ සිටි ලින්ක් ෆෝන් එකක්.මුලින්ම ටෙලිෆෝන් ලයින් එක ඉල්ලුවා.ඔන්න සල්ලි බඳින්න කීවා.එසැනින් සල්ලි බැන්දා.සතියක් යන්න කලින් ඇවිල්ලා හයි කරල ගියෙ නැද්ද ෆෝන් එක.ඊට දවස් තුනකට පස්සෙ සම්බන්දතාවයත් දුන්නෙ නැද්ද.එදා හවසම කතා කරලා අහුවා කෝ මගෙ අන්තර්ජාලෙ කියල.දවස් තුන යද්දි දෙනවා කීවා.මේ
වෙනකොට මම මොඩම් එක එහෙම ගෙනල්ලා දතකට මැදගෙන හිටියෙ.ඉවසන් ඉන්න බැරි තැන මන් දවස් දෙකෙන් ආයෙ කතා කරලා බැලුවා.දැන් අන්තර්ජාලය දීලා තියෙන්නෙ කියල කීවා.ඔන්න මන් වැඩේට බැස්සා.වැඩේ ගොඩ.රෑ ටොරන්ට් එකක් බෑවෙන්න දාලා නිදාගත්නා.උදේ බලද්දි ටොරන්ට් එක 97%. ඒත් ජන්ජාලෙ හිටලා.ADSL වලට අදාල LED එක බ්ලින්ක් වෙනවා.දන්න විදියට බැලුවා හරි ගියෙම නෑනෙ.අයෙ කතා කලා අදාල අංශ වලට පැය 2-3 යද්දි අවෙ නැද්ද ගෙදරටම.එයලා බලල කීවා මොඩම් එක අප්සෙට් කියලා.පහුවදාම ගිහින් මොඩම් එක දීලා රවුටර් එකක් ඉල්ලුවා.රවුටරේ ගනන් වැඩි නිසා වැඩිපුර මුදල අරන් ඔන්න එකත් දුන්නා.ගෙදර ආවා.රවුට‍ර් එක සම්බන්ද කලා.දැන් කිසි හෙනයක් නෑ. මම ගත්තෙ 512 සීමා රහිත සම්බන්දතාවය (බාන බෑවිල්ලට මොන සීමාවල්ද )ස්පීඩ් ටෙස්ට් කරපු හැම වෙලේම 512ට වඩා තිබුනා.දැන් නම් මාර සනීපයි. (බිල එනකල් )

ඊට වඩා ආතල් qsFOX ඇඩෝන් එක.ඒක නම් පට්ට.හදපු අයට තව තවත් මේ වගේ දේවල් කරන්නට ශක්තිය ලැබෙන්න කියලා හදවතිනම සුභ පතනවා.

5 Comments:

  1. ඉෂාර ගුණවර්ධන said...
    නාරම්මල එකෙක්, අපේ ඉස්කෝලෙ එකෙක් හම්බ උනාමයි. මට හරිම සතුටුයි. බ්ලොග් එක හොඳයි. මම නම් ටිකක් අළුත්. දිගටම කරගෙන යන්න
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ ඉෂාර ගුණවර්ධන

    මටත් ගොඩක් සතුටුයි.ඉස්කොලෙට වගේම "නාරම්මල එකෙක්" කියන එකට මට ගොඩක්ම ෆිට්.මයුරපාදෙ ඉගෙනගත්ත බ්ලොග් ලියන තව කෙනෙක් මට comment එකක් දාලා තිබුනා කලෙකට ඉස්සර.තව ඇති.එහෙම නේද.
    Anonymous said...
    හැබැයි 500 පැකේජයෙන් නම් මුකුත් කරන්න බෑ.
    මාසෙට 1800 MB විතර යනවා
    Anonymous said...
    හෙ හේ, මට දැන් මාර වැඩක් උනානේ. හෙට දිවයින පත්තරේ (16/12/2009) කියවනකොට ඒකේ තියෙනවා ඔයාගේ නම තියෙන කෙනෙක් මැරිලා කියලා.. කොහේද රටකදී. heart attack හැදිලා..
    උඹත් මොකද්දෝ රටක හිටපු කතාවක් මට මතකයි.. ඊට පස්සේ අමාරුවෙන් උඹේ මේ සයිට් එක හොයන් ඇවිත් බැලුවා, උඹ දැන් ලංකාවේද කියලා...

    හෙ හේ,,බලනකොට උඹ යහතින්... සතුටුයි යාළුවා!!
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ පිස්සා
    බොහොම සිතුතියි මිත්‍රයා මේ විදියට හරි හොයල බැලුවට.මම මේ comment එක දැක්කෙ ප්‍රමාදවෙලා.නැවතත් ගොඩක් ස්තුතියි...

Post a Comment



Related Posts with Thumbnails