Monday, December 7, 2009

මට තරු පෙනුනි.


රිමෝට් එක අතේ තියන වෙලවට හේතුවක් ඇතුව හෝ නැතුව ටී.වී එකේ චැන්ල් මාරු කරන එක දැන් කලෙ ගොඩක් අයට තියන සාමාන්‍ය ලෙඩක්නෙ. ඔය ලෙඩෙ මට තදේටම තියනවා.ඔන්න ඕක කරන්න ගිහින් තමා ඊයෙ රෑ මට තරු පෙනුනෙ.
එකක සුපර් ස්ටාර්ය. තව එකක මෙගා ස්ටාර්ය. තව එකක ඩ්‍රීම් ස්ටාර් සහ ලිට්ල් ස්ටාර්ය. තව එකක ශ්‍රි ලාංකික ජීවිතය සොයයි. නම වෙනස් උනාට කරිය එකකි. එකම රැයක සියලුම මාධ්‍ය අයතන මට තරු පෙන්නුවේය. ශ්‍රි ලාංකික කලා කෙත අස්වද්දන්නට සියලු මාධ්‍ය ආයතන පොරකති.
මේ ජර මර අස්සෙ තරු විසිවන තවත් තරු පොරයකුත් පේන්නට තිබුනි. ඒ අපේ මේ පුංචි රට සුර පුරයක් කරන්නට පොරකන දේශපාලක තුමන්ලාගේ තරු පොරයයි.
මට තරු පෙනී ඇස් නිලංකාර විය.

3 Comments:

  1. Ravimal said...
    ​සහතික ඇත්ත. දාන දාන චැනල් එකේ මොකක් හරි තරුවක්... එක චැනල් එකක තරු නැති වෙලාවට තරු පෙන්නනවා..
    viyanasl said...
    මම ටී.වී බලන එක නවත්වල අවුරැදු 2කට වැඩියි. මම නම් ගොඩ. දැන් තරැ පේන්නේ නෑ. හැබැයි පාරෙ යනකොට එස්.එම්.එස් මනාප ඉල්ලන තරැ වෙන්ඩ ට්‍රයි කරන අයගෙ කටවුට් නම් ලයිට් කණුවල එල්ලිලා දුක් විඳිනව පේනවා අතොරක් නැතුව.පව් කියලත් හිතෙනව.
    chinthaka said...
    තරු අවුල වගේම තමා මෙගා නාටක අවුල.ඇත්තමයි හිතෙනවා වෙලාවකට උස්සලා පොලොවෙ ගහන්න.මොනවද මුන් මේ කරන්නේ.......?කෝ දැන් ඔය පායපු තරු?

Post a Comment



Related Posts with Thumbnails