Sunday, January 3, 2010

පින් සිද්දවෙයි මට කියන්න...!



ජනවාරි පළමුවෙනිදා උදේම මට වෙච්ච් දෙයක් කියන්නයි යන්නෙ..ඊට කලින් කියන්න ඔනෙ මම පරිඝනක මෘදුකාංග හෝ දෘඩකාංග ගැන කිසිම විද්‍යානුකූල අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙමෙයි.මගේම තියන ඇම්මට එහෙන් මෙහෙන් අහුලගෙන පොඩ්ඩ පොඩ්ඩ තනියම ඉගෙනගත්ත කෙනෙක් මම.

ඔන්න කතාව...මන් උදේම Computer එක ඔන් කලා..ඒත් මොනිටර් එකට කිසිම දෙයක් ආවෙ නෑ.යස අගේට ක්‍රියාකල
යන්තරේ නතර වුනාම පිස්සු හැදෙනවනෙ..දෙපාරක් විතර OFF කරලා නැවත ON කලත් වැඩක් වුනේ නෑ.ඊට පස්සේ සේරම පැත්තක දාලා වැඩට ගියා.හවස පටන් ගත්තා මෙහෙයුම.මම දැනගෙන හිටියා ඩිස්ප්ලේ එක නොයෙන්න එක හෙතුවක් කියලා RAM වල තියන ප්‍රශ්ණ.මම මුලින් RAM කාර්ඩ් දෙක ගලවලා එක එක මරුවෙන් මාරුවට ගහලා බැලුවා.වැඩක් උනේ නෑ.

ඊට පස්සෙ සිග්නල් කේබල් එක ග්‍රැෆික්
කාර්ඩ් එකෙන් ගලවලා ඔන් බෝර්ඩ් ගහලා බැලුවා.හරි ගියෙ නෑ.හාර්ඩ් ඩිස්ක් DVD ROM සේරම ගලවලා අයෙ බැලුවා අඩුගානෙ මදර් බෝර්ඩ් එකවත් පෙන්නනවද කියලා.එත් නෑ.මන් හිතුවා මදර් බෝර්ඩ් එකට කෙලවිලා කියලා.ඒක මාරුකරලා බලන්න විදියක් මට නෑනෙ.හදන තැනකට ගෙනියන්න හිතලා මදර් බෝර්ඩ් එක ගලවලා එලියට ගත්තා.එක කරන්නත් වෙන්නෙ හෙටනෙ.එ නිසා හිත හදාගෙන නිදාගත්තා.

ඊයෙ දෙවනිදා..ඒ කියන්නෙ සෙනසුරාදා.මගෙ නිවාඩු දවස.මේ ප්‍ර
ස්නෙ විසඳගන්න හොඳම දවස.ඒත් යන්න කලින් ආයෙම උත්සහ කරලා බලන්න මට හිතුනා.මදර් බෝර්ඩ් එක මේසෙ උඩ තියලා පවර් සප්ල්යි එකත් මෙසෙ උඩ තියලා දෙක සම්බන්ද කාලා.සිග්නල් කේබල් එක ඔන් බොර්ඩ්ම ගහලා කී බෝර්ඩ් මවුස් සම්බන්ද කලා.පවර් ස්විච් එකට අදාල පින් දෙකට ටෙස්ටරයක් ගාවලා ඔන් කලා.සුපුරුදු පරිදි මොනිටරේටනම් මුකුත් ආවෙ නෑ.ආ කියන්න බැරි වුනා.නංගිගෙ Computer එක මගෙ මොනිටරේට ගහලා බැලුවා.මොනිටරේ අවුලක් නෑ.ඒක කලේ පළවෙනි දවසෙම...

මම අහලාතිබුනා RAM අප්සෙට් නම් බීෆ් කෝර්ඩ් එකෙන් දැනගන්න පුලුවන් කියලා.ඒත් මේ මදර් බෝඩ් එකේ ස්පීකර් එකක් නෑ.පරන ලට්ට පට්ට අවුස්සලා හොයගත්තා මදර් බෝර්ඩ් එකට ප්ලග් කරන්න පුලුවන් ස්පීකර් එකක්.එක ගහලා RAM දෙකම ගලවලා දාලා අයෙ ඔන් කලා..ආ.. ඔය එන්නෙ සද්දෙ නියමෙට..ඒ කියන්නෙ මදර් බෝර්ඩ් එක දන්නවා RAM නෑ කියලා. ඒ නිසා මට හිතුනා මදර් බෝර්ඩ් එකෙ අවුලක් නැද්ද දන්නෙත් නෑ කියලා. කෝකටත් එක RAM එකක් ගහලා ඔන් කලා.මෙන්න යකෝ ඩිස්ප්ලේ එක අවා.ඔන්න දැන් හිතට පොඩි සහනයක් ආවා. අනිත් RAM එකත් ගහලා බැලුවා.එත් වැඩ.ඒ කියන්නෙ RAM හොඳා.ග්‍රැ
ෆික් කාර්ඩ් එකටත් ගහලා බැලුවා.එත් වැඩ.එකෙ අවුලක් තිබිලත් නෑ.ඊට පස්සෙ හාර්ඩ් ඩිස්ක් එක ගහලා ඔන් කලා.සෝක් එකට බූට් වෙලා Windows 7 ඇරුනා.ඊටපස්සෙ සේරම කෑලි ටික ගලවලා.හොඳට දූවිලි පිහලා සේරම අමුනලා ගත්තා.දැන් නම් කිසි හෙනයක් නෑ.

පින් සිද්දවෙයි දන්න කෙනෙක් මට කියන්න මේකෙ තිබුන ලෙඩේ මොකක්ද….?

7 Comments:

  1. Anonymous said...
    වැඩේ හරිනම් ඉතින් එච්චරයි නේ. වැඩිය හිතන්න යන්න එපා. ඕව ඔහොම වෙනවා.
    Unknown said...
    අපෝ මටත් ඕන තරම් ඔය වැඩේ වෙලා තියනව. ගනන් ගන්න එපා. පොඩි ලූස් කනෙක්ශන් එකක් තියෙන්න ඇති.
    Anonymous said...
    මචං ටෙක්නිකල් ගැන දන්න ගොඩාක් දෙනෙක් ඉන්න Techකතා කියලා group එකක් තියෙනවා.. ඒකට සෙට් වෙන්න.. ඒකින් අහගන්න පුළුවනි ඕනේම දෙයක්..

    Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/


    ලිවීම සඳහා techkatha@googlegroups.com වෙත ලියන්න.

    වෙබ් අඩවිය http://www.techkatha.com
    චන්දන එස්. ජයකොඩි said...
    මචෝ... කම්පියුටරේට ඇති ලෙඩක් නෑ. ලෙඩේ තියෙන්නේ උඹට. සමහර දේවල් ගැන ඕනවට වඩා හිතන්න එපා. ටෙක්කතා එකට සෙට් වෙලා බලන්න. එතන ඉගෙනගන්න ගොඩාක් දෙවල් තියෙනවා. පිස්සා දාපු කමෙන්ට් එකේ ඇඩ්‍රස් එක ඇති.
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ පිස්සා සහ Chandana S. Jayakody

    දැනටමත් මම techකතා සමූහයේ සමාජිකයෙක්.ලබාදුන් තොරතුරට තුති..
    දඟර වලිග said...
    මගේ කම්පියුටරේට නම් ඔය ටගේ ලෙඩ හොඳට පුරුදුයි. මේ 2වෙනිදත් ඔහොම උණා. මම රැම්,මදර් බෝඩ්,වී.ජී.ඒ කාඩ් ඔක්කොම මාරු කර කර බැලුව. අද(04) වෙනකොට තිබ්බ කොටස් වලින්ම වැඩ කරනව.
    Unknown said...
    මේකෙ දි ගලවගෙන දුක් විඳින්න ඕනෙ නෑ. CMOS මකල දාන්න.එතකො‍ට හරියනවා. හුඟක් පද්ධති පුවරැවල මේ ලෙඩේ එන්න හේතුව අධික ලෙස රත්වීම. හුඟක් වෙලාවට රත්වෙන්නෙ CPU cooler එකේ කුණු තිබුනහම. ඒක නිසා Fan එකයි heat sink එකයි පිරිසිදුවට තියාගන්න. තව තව බෙහෙත් තියනවා. ඕන වෙන වෙලාවට කියන්න, උදව් කරන්නම්.

Post a Comment



Related Posts with Thumbnails