Saturday, January 9, 2010

ජීවිතේ වටිනාම දවස..

ගෙවුන ජීවිත කාලය තුල මට ඉතාම වැදගත් දවස් ආවා.ඒ හැමදාකම මට හිතුනා ජීවිතේ වටිනාම දවස ඒ දවස කියලා.කලය ගෙවිලා තව දවසක් ආවා.ඒ ඊයෙ දවස ( 2010 - 01 - 08 ) මට දැන් හිතෙනවා මගෙ ජීවිතේ වැදගත්ම දවස ඊයෙ කියලා..එකට හේතුව මම කියන්නම්.. ඒත් ඊට කලින් ඊයෙ දවස ගැන මගෙ මිත්‍රයෙක් මට එවපු ඊ මේල් එක පොඩ්ඩක් බලලා ඉන්න කියලා ආරාධනා කරනවා.ඒකෙ මෙහෙම තිබුනා....

" උඹ තාත්තෙක් උනා නෙද? මම දන්නව මම තාත්තෙක් උන දවසෙ මට දනුන හැගීම්ම උඹටත් දැනුන බව. ඒ වගෙම තමා ඒ මොහොතට කලින් හිතට එන බය. අනිවර්යයි උඹත් ඒ අත්දැකීම විදින්න ඇති. මේක අමුතු ලෝකයක් බන්. පුදුම විදියට අපි දැක්කෙවත්, දන්නෙවත් නැති අය අපේ ජීවිත තුලට ඇවිත් අපේ හදවත හොරා ගන්නවා. ඉන් පස්සෙ අපේ මුලු ලෝකයම එයාල වෙනවා. මේක තවත් කඩඉමක්. මම කලින් එතනට අවා. උඹ අද ආවා. ඉතින් මචන් අපි දෙන්නම දැන් තාත්තල. මම උඹට හදවතින්ම සුභ පතනවා. "

දැන් කාරණාව පැහැදිලි ඇතිනෙ.කියාගන්න බැරි හැඟීම් සමුදායකින් හිත පිරිලා තියන මේ වෙලාවෙ මට ගොඩක් දේවල් ලියාගන්න බෑ. දැනට නවතින්නම්.

15 Comments:

  1. වැප් said...
    මගේනුත් සුබ පැතුම්.
    බිඟූ said...
    අනේ වාසනාවන් ප්‍රියන්ත....

    මමත් පියෙක් වෙන්න ඇඟිලි ගනිමින් ඉන්නේ...
    ඒ ගැනම වෙනමම මම ලියනවා මගේ බ්ලොග් එකේ...

    හරිම ෂෝක්...!!!!

    මට හිතාගන්න බෑ ඔය අවස්ථාව මොන වගේද කියලා...

    http://bingunada.blogspot.com/search/label/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%20%E0%B6%B6%E0%B6%B6%E0%B7%8F

    /බිඟුවා...!
    Xpress (SiS™ ) said...
    එළ එළ.අපේ සුභපැතුම්....
    පොඩ්ඩ කොල්ලෙක්ද?කෙල්ලෙක්ද?
    නම එහෙම මොකක්ද?
    පොඩ්ඩගේ පින්තූර ටිකක් එහෙම දාන්න අපටත් බලන්න.....
    Anonymous said...
    දැන් එහෙනම් උඹ තාත්තෙක්..
    සුබම සුබ ආරංචියක්නේ.. මටත් හරිම සතුටුයි..
    තුන් දෙනාටම නීරෝගීමත්, වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් මචෝ!!!
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ වැප්
    ගොඩක් ස්තුතියි.

    @ බිඟුවා
    ඔයා වගේ මටත් මුල ඉඳලම ලියන්න හිතුනා.එත් මගෙ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.ඇත්තටම මට බය හිතුනා.ඒත් ඔයා ලියන විදිය හරි රසවත්.
    ගොඩක් ස්තුතියි.

    @ දිලංක මාධව
    පොඩ්ඩා කොල්ලෙක්
    තාම නම් තිබ්බෙ නෑ.අරිසෙන් අහුබුදු මහත්තයා නම් ගොඩාක් එවල තියනවා.
    ඉපදිලා පැය 2න් පින්තූරයක් ගත්තා.ඉක්මනටම බ්ලොග් එකට දාන්නම්.දැනට මගෙ ඩෙස්ක්ටොප් එකේ ඉන්න්වා.
    කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි.

    @ පිස්සා
    ගොඩාක් ස්තුතියි.
    ආදර කතාව said...
    මුලු හදවතින්ම සුභ පතනව.
    LG said...
    සුභ පැතුම්!! :-D
    ශාකුන්තල | Shaakunthala said...
    :-)

    වාසනා වේවා!
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ ආදර කතාව සහ LG
    ගොඩාක් ස්තුතියි.

    @ ශාකුන්තල
    ඔබෙන් කමෙන්ට් එකක් ලැබීමත් වාසනාවක් තමයි.
    ගොඩාක් ස්තුතියි.
    Indranama said...
    මගෙනුත් සුබ පැතුම් පිලිගන්න...
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ ඉන්දරේ
    ගොඩාක් ස්තුතියි.
    malee_msg said...
    අනේ... මෙන්න අළුත් තාත්තාට මගෙනුත් ලොකූ.. සුභ පැතුමක්!!!
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ malee_msg
    බොහොම ස්තුතියි.
    chandula said...
    This comment has been removed by the author.
    Anonymous said...
    මගෙනුත් උණුසුම් සුභපැතුම්....!

Post a Comment



Related Posts with Thumbnails