Tuesday, October 12, 2010

ආභියෝගයක් වුනත් මෙය අහිංසක විරුද්ධත්වයක්. බුදු දහමට කරපු අභියෝගයක් නම් නෙමෙයි. අපි දන්නවා බුදු රජානන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කල අවස්ථාවේ සිදු වූ සිදුවීම්. මෙහි එක් අවස්ථාවක එනවා නන්ද කුමාරයා සම්බන්ධ සිද්ධියක්. නන්ද කුමාරයාගේ රාජාභිෂේකයත් විවාහ මංගල්‍යයත් නව රජ මැදුරකට ගෙවදීමත් එකම දිනක යොදාගෙන තිබුනා. ඊට පෙර දින බුදු රජානන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පිරිනැමුනා.

දානය අවසානයේ බුදු රජානන් වහන්සේ නන්ද කුමාරයා අතට පත්‍රය ලබාදුන්නා. එසේ පාත්‍රය ලබාදුන් පසු පාත්‍රය ලබාගත් තැනැත්තා එය රැගෙන විහාරය තෙක් ගමන් කල යුතුයි. මේ ගමන අතරතුර සිදුවුන සිදුවීම අපි හැමෝම වගේ අහලා තියනවනෙ. මේ ගමන අතරතුර බුදුරජානන් වහන්සේ නන්ද කුමාරයට හේනක දැවී ගිය වැඳිරියක් මවා පෙන්වනු ලැබුවා. ඉන් පසුව තවුතිසා දෙවු ලොවට වැඩම කොට දිව්‍යාංගනාවන් පන්වනු ලැබුවා.

අපි දන්නවනෙ නන්ද කුමාරයා විවාහ වෙන්න හිටියෙ ජනපද කල්‍යාණි සමග බව. බුදු රජානන් වනසේ අර වෙලාවෙ නන්ද කුමාරයගෙන් ජනපද කල්‍යාණිය ගැන ඇසුවා. දිව්‍යාංගනවන දැක සිත් නෙත් පිනවාගෙන සිටි නන්ද කුමාරයා ජනපද කල්‍යාණි අතර මගදි දුටු දාච්ච වැඳිරිය වගේ කියල උත්තර දීපු බව තමයි සඳහන් වෙන්නෙ.

දැන් කට්ටිය මට බනිනවා අති මෙයා මේ බණ කතා කරනවා.මොකද්ද ඔය ගීතය කියල..එහෙනම් ඔන්න දැන් ගීතය ගැන කතා කරමුකො.දැන් කලෙ FM වල වැඩිපුර ඇහෙන්නෙ නැති වුනාට ඉතාම වටිනා ගීත රැසක් ගායනා කල වටිනා ගායකයෙක් තමා සෝමතිලක ජයමහ. එතුමා ගායනා කල සමහර ගීත එතුමාම රචනා කරල තියෙනවා. මේ ගීතයත් එවැනි ගීයක්.

බුදු පියානන් වැඳිරියක් මවා පෙන්වුවත් තමන් ආදරය කරන කාන්තාවට නිග්‍රහ කළ නොහැකි බව ඔහු සඳහන් කරනවා. ඒ වගේම සිත් පුරා සුරඟනන් දුටුවත් තමන් දන්නා හඳුනන කල්‍යාණිය සුරඟනන්ට වඩා තමන්ට සමීප බව ඔහු කියනවා. ඇසින් දුටු සුරඟනන්ට වඩා හදවති දුටු පෙම්වතිය තමන්ට වටින බවත් මේ ගීතයේ සඳහන් වෙනවා.

බොහෝ විට අප ගී රස විදින්නේ පදමාලාව ගැන ලොකු අවධානයක් නැතිව. පදමාලාව තෙරුම් ගනිමින් ගීතයක් රස විඳීමෙන් වැඩි රසයක් විඳගත් හැකි බව මගේ මතයයි. කලින් අහලා තිබුනත් මෙහි පදමාලවත් සමඟ නැවත් වතාවක් ගීතය රස විදින්න කියලා ආරාධනා කරනවා.

උවමනා අය ගීතය මෙත්නින් බාගන්න.
මෙතනින් ගීතය අහන්නත් පුලුවන්.





ගීතය රස විඳලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොඳද.....!


6 Comments:

  1. ibm said...
    ඔව් මමත් වැඩිපුරම අහන්නෙ ශබ්ද රසයයි.නමුත් අර්ථය තේරුන් ගත්තම එකේ රසය සම්පූර්නයි.හොද ලිපියක් සහෝ...
    h said...
    මේක මම කැමතිම සින්දුවක්... කොහොමත් සෝමතිලක ජයමහ මහත්මයගෙ හඬ සහ තනු ගැන කියන්න තරම් අපි දැනුවත් නෑ. එකම දේ ඒ සින්දු වචනයෙන් කියන්න බැරි තරම් හරිම වින්දනීය වීමයි...

    මම නම් මේකෙ කියවෙන අභියෝගයටත් කැමතියි (ඒක අභියෝගයක් නම්) මොකද නන්ද කුමාරයටත් ජීවිතේ පසුකාලෙක ජීවිතේ අස්ථිර බව වැටහෙන්න හැකියාවක් තිබුණනේ...

    සෝමතිලක ජයමහ මහත්මයගෙම දස බිම්බර මාර සෙනග තන්හා රති රඟා සමග කියන සින්දුව බුදුන් ගැන කියවෙන හරිම ලයාන්විත තවත් සින්දුවක්...
    Anonymous said...
    මම මෙම ප්‍රතිචාරය දක්වන්නේ ජනපද කල්‍යානි කතා පුවත මට මතක තියන සීමාවේ සිට ඉදගනයි....මට මතක විදියට බුදු හාමුදුරුවන්ට උවමනා කලේ රූපයේ ඇති නිස්සාර බව නන්ද ට වටහල දෙන්න,ඒ වගේම නන්ද කුමරායත් ඒ සත්‍ය වටහගෙන බුදුන් සරන යනවා.
    ඊලගට ලාංකීය ගීත නිර්මාපකයාගේ සූක්ෂම තාවය.ගී රචකයා උපක්‍රමශීලී වෙලා උපරිම.එයා මේ ගීතයෙන් මතු කරනවා,බුදුරජුනි..!ඔබ තුමා ඔය කියන සත්‍යට වඩා මගේ ආදරය මට වටිනවා කියන එදා සිදු නොවුනු කාරනාව.තනිකරම උපකල්පනයක් මතින් කරපු නිර්මානයක්.......රචකයා ලොකු අභියෝගයක් භාරගන අවසානයේදී සාර්තක පෙම් ගීතයක් නිර්මානය කරලා තියනවා..ඇත්තටම කනයි ,සිතයි දෙකම ගීයකට යොමුකලාම විදින්න පුලුවන් සුන්දරත්වය මෙතැකැයි කියන්න බැහැ.
    budhajeewa said...
    මටත් මේ පහුගිය දවසක ඔය සිංදුව බස් එකක රේඩියෝවෙං ඇහිලා කල්පනා කළා බොලේ පට්ටම සිංදුවක් නෙවද කියලා.

    බට් ඉතිං හොඳ වෙලාවට ඔය සිංදුව දැනට කාලෙකට කලින් ලියවුනේ. අදකාලෙ ඕක ලීවනං ඒ ලියපු මනුස්සයාවයි, කියපු මනුස්සයාවයි, ඕකට සම්බන්ධ හැම එකාමයි අල්ලලා හිරේ දානවා බුදු හාමුදුරුවන්ට අපහාස කොළැයි කියලා!
    RanDil said...
    ජනපද කළ්‍යාණිය හිතන්න ඇති නේද නන්ද කුමාරයා මෙහෙම කියයි කියලා. ඒත් කිව්වේ නැහැනේ. අනිත් අරුත් කොහොම වුනත්, ගැහැණියකට වෙච්ච අසාධාරණයක් තමයි ඉතිං ඒ සිද්ධියත්.
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ ibm
    h
    චින්තකගේ කරදහිය......
    budhajeewa
    RanDil

    මා සමඟ මේ ගීතය රස විඳින්න ඔබ සැම එකතු වුනාට ගොඩක් සතුටුයි.ඒ වගේම comment කලාට ගොඩක් ස්තුතියි

Post a Comment



Related Posts with Thumbnails