Wednesday, October 6, 2010

E-Bay එකෙන් ඔන්න අපිටත් බඩු ........!

E-Bay එකෙන් බඩු ගත්තට මටනම් සම්පත් වෙබ් කාඩ් එකක් වත් නෑ.මගේ අසල්වැසි මිත්‍රයා චින්තකගෙ සම්පත් වෙබ් කාඩ් එකෙන් තමයි මමත් මේක ගත්තෙ.මිනිහයි මමයි මේ ගැන විස්තර හොයගත්තු විදිය චින්තක මෙත්න ඉතා පැහැදිලිව විස්තර කරනවා.

දැන් ගත්තෙ මොනවද බලමුකො.මේක ගොඩක් අයට නොවැදගත් දෙයක්.ඒත් මටනම් ගොඩක් වැදගත් දෙයක්.මම විදේශ ගතවෙලා ඉඳල එද්දි LCD මොනිටර් එකක් ගෙනාවා. දැනට අවුරුද්දකට විතර කලින් වැස්ස දවසක් අකුනක් ගහලා ගෙදර ට්‍රිප් ස්විච් එක ඕෆ් උනා.එ වෙලාවෙ Computer එක වැඩ කරමිනුයි තිබුනෙ.පස්සෙ බලද්දි මොනිටර් එක වැඩ කරන්නෙ නෑ. පස්සෙ ඉලෙක්ට්‍රොනික් ගැන දැනුමක් තියන හිතවතෙකුට මේක පෙන්නුවා.එයා බලලා කීවා සෙනර් ඩයොඩ් දෙකක් පිච්චිලා.එක දැම්මම වැඩේ හරි කියලා.ඊට පස්සෙ මේ උපකරනය හැමතැනම හෙවුවා. හොයගන්න බැරි වුනා. පස්සෙ මේ ගැන Techකතා වලට ලීවා.එතනදි ලැබුන උත්තරෙත් E-Bay.

ඒත් ඒකට ක්‍රෙඩිට් කාඩ් නැති නිසා ඉවසන් හිටියා.ඔහොම ඉද්දි තමයි ධනිකගෙ ලිපි මාලාව කියවන්න ලැබුනෙ.ඒත් කොහොමහරි මගෙ අතින් ඒක ක්‍රියාත්මක උනේ නෑ. ඒත් මගේ මිත්‍රයා වැඩේට බැස්සට පස්සෙ මිනිහා උපරිම වේගෙන් ක්‍රියාත්මක උනා.ඒ ගමන්ම මගෙ වැඩෙත් කරගත්තා. මේ තියෙන්නෙ ඒ උපකරණයි.

තාම මොනිටර් එක හදාගන්න යන්න බැරි වුනා. ඒ වැඩේ කෙරෙන්නෙ සෙනසුරාදා.ලඟදිම සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.කිසි බයක් සැකක් නැතුව E- Bay එකෙන් බඩු ගන්න කියල තමා අන්තිමට කියන්න තියෙන්නෙ.

7 Comments:

  1. ibm said...
    This comment has been removed by the author.
    සහන් සටහන් said...
    හොඳටම සුවර් ද පිච්චුනේ සෙනර් 2ක් කියල...
    මටනම් පේන්නේ මේ දෙක ට්‍රාන්සිස්ටර් වගේ
    ibm said...
    මගෙන් සුබ පැතුම් !!!
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ IBM
    ස්තුතියි

    @ සහන්
    මම ඉලෙක්ට්‍රොනික් ගැන දන්නේ නෑ. මොනිටර් එක හදන කෙනා තමයි මට එහෙම කීවේ. ස්තුතියි comment කලාට
    Anonymous said...
    meva senar diod nemei....meva transistors.sahan kiwwa de hari.oya monitor eka hadagathama kiyanna.
    Kenny said...
    Its a MOSFET,
    http://en.wikipedia.org/wiki/MOSFET
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @Kenny
    ඔබගේ දැනුවත් කිරීම ගැන ඉතාමත් ස්තුතියි.

Post a Comment



Related Posts with Thumbnails