Friday, October 15, 2010

පුංචි පුතාගේ ඉඳුල් කටගෑම

පහුගිය ජනවාරි මාසෙ අපේ කැදැල්ලට පුංචි පුතෙක් එකතු වුන බව මම කලින් මේ අඩවියෙ සටහන් කලා.එක මෙතනින් බලන්න පුලුවන්.ඊට පස්සෙ පුතාට නමක් දාන්න බ්ලොග් අවකාශයේ අය එකතු වුන හැටි මෙතනින් බලන්න පුලුවන්.ඊට පස්සෙ පුතා ගැන මුකුත් මේ බ්ලොග් අඩවියෙ සටහන් කලේ නෑ.නමුත් අද විශේෂ දවසක්.අද උදේ යෙදුන සුභ මොහොතකින් පුංචි පුතාට ඉඳුල් කටගෑවා.ඉතින් අද ගෙදර හැමෝටම සතුටු දවසක්.

ඉඳුල් කට ගෑමේදී දරුවාට තමන් කැමති දෙයක් තොරාගන්නට ඔහු වටා නොයෙක් දේවල් තබන සිරිතක් තියනවනෙ.ඉතින් පුංචි පුතා තොරගත්තෙ කොම්පියුටර් මවුස් එකක්.මම වැඩිපුර වෙලාවක් ඉන්නෙත් කොම්පියුටර් එක එක්ක තමයි.ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියලත් කියනවනෙ...

Tuesday, October 12, 2010

ආභියෝගයක් වුනත් මෙය අහිංසක විරුද්ධත්වයක්. බුදු දහමට කරපු අභියෝගයක් නම් නෙමෙයි. අපි දන්නවා බුදු රජානන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කල අවස්ථාවේ සිදු වූ සිදුවීම්. මෙහි එක් අවස්ථාවක එනවා නන්ද කුමාරයා සම්බන්ධ සිද්ධියක්. නන්ද කුමාරයාගේ රාජාභිෂේකයත් විවාහ මංගල්‍යයත් නව රජ මැදුරකට ගෙවදීමත් එකම දිනක යොදාගෙන තිබුනා. ඊට පෙර දින බුදු රජානන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පිරිනැමුනා.

දානය අවසානයේ බුදු රජානන් වහන්සේ නන්ද කුමාරයා අතට පත්‍රය ලබාදුන්නා. එසේ පාත්‍රය ලබාදුන් පසු පාත්‍රය ලබාගත් තැනැත්තා එය රැගෙන විහාරය තෙක් ගමන් කල යුතුයි. මේ ගමන අතරතුර සිදුවුන සිදුවීම අපි හැමෝම වගේ අහලා තියනවනෙ. මේ ගමන අතරතුර බුදුරජානන් වහන්සේ නන්ද කුමාරයට හේනක දැවී ගිය වැඳිරියක් මවා පෙන්වනු ලැබුවා. ඉන් පසුව තවුතිසා දෙවු ලොවට වැඩම කොට දිව්‍යාංගනාවන් පන්වනු ලැබුවා.

අපි දන්නවනෙ නන්ද කුමාරයා විවාහ වෙන්න හිටියෙ ජනපද කල්‍යාණි සමග බව. බුදු රජානන් වනසේ අර වෙලාවෙ නන්ද කුමාරයගෙන් ජනපද කල්‍යාණිය ගැන ඇසුවා. දිව්‍යාංගනවන දැක සිත් නෙත් පිනවාගෙන සිටි නන්ද කුමාරයා ජනපද කල්‍යාණි අතර මගදි දුටු දාච්ච වැඳිරිය වගේ කියල උත්තර දීපු බව තමයි සඳහන් වෙන්නෙ.

දැන් කට්ටිය මට බනිනවා අති මෙයා මේ බණ කතා කරනවා.මොකද්ද ඔය ගීතය කියල..එහෙනම් ඔන්න දැන් ගීතය ගැන කතා කරමුකො.දැන් කලෙ FM වල වැඩිපුර ඇහෙන්නෙ නැති වුනාට ඉතාම වටිනා ගීත රැසක් ගායනා කල වටිනා ගායකයෙක් තමා සෝමතිලක ජයමහ. එතුමා ගායනා කල සමහර ගීත එතුමාම රචනා කරල තියෙනවා. මේ ගීතයත් එවැනි ගීයක්.

බුදු පියානන් වැඳිරියක් මවා පෙන්වුවත් තමන් ආදරය කරන කාන්තාවට නිග්‍රහ කළ නොහැකි බව ඔහු සඳහන් කරනවා. ඒ වගේම සිත් පුරා සුරඟනන් දුටුවත් තමන් දන්නා හඳුනන කල්‍යාණිය සුරඟනන්ට වඩා තමන්ට සමීප බව ඔහු කියනවා. ඇසින් දුටු සුරඟනන්ට වඩා හදවති දුටු පෙම්වතිය තමන්ට වටින බවත් මේ ගීතයේ සඳහන් වෙනවා.

බොහෝ විට අප ගී රස විදින්නේ පදමාලාව ගැන ලොකු අවධානයක් නැතිව. පදමාලාව තෙරුම් ගනිමින් ගීතයක් රස විඳීමෙන් වැඩි රසයක් විඳගත් හැකි බව මගේ මතයයි. කලින් අහලා තිබුනත් මෙහි පදමාලවත් සමඟ නැවත් වතාවක් ගීතය රස විදින්න කියලා ආරාධනා කරනවා.

උවමනා අය ගීතය මෙත්නින් බාගන්න.
මෙතනින් ගීතය අහන්නත් පුලුවන්.





ගීතය රස විඳලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොඳද.....!


Wednesday, October 6, 2010

E-Bay එකෙන් ඔන්න අපිටත් බඩු ........!

E-Bay එකෙන් බඩු ගත්තට මටනම් සම්පත් වෙබ් කාඩ් එකක් වත් නෑ.මගේ අසල්වැසි මිත්‍රයා චින්තකගෙ සම්පත් වෙබ් කාඩ් එකෙන් තමයි මමත් මේක ගත්තෙ.මිනිහයි මමයි මේ ගැන විස්තර හොයගත්තු විදිය චින්තක මෙත්න ඉතා පැහැදිලිව විස්තර කරනවා.

දැන් ගත්තෙ මොනවද බලමුකො.මේක ගොඩක් අයට නොවැදගත් දෙයක්.ඒත් මටනම් ගොඩක් වැදගත් දෙයක්.මම විදේශ ගතවෙලා ඉඳල එද්දි LCD මොනිටර් එකක් ගෙනාවා. දැනට අවුරුද්දකට විතර කලින් වැස්ස දවසක් අකුනක් ගහලා ගෙදර ට්‍රිප් ස්විච් එක ඕෆ් උනා.එ වෙලාවෙ Computer එක වැඩ කරමිනුයි තිබුනෙ.පස්සෙ බලද්දි මොනිටර් එක වැඩ කරන්නෙ නෑ. පස්සෙ ඉලෙක්ට්‍රොනික් ගැන දැනුමක් තියන හිතවතෙකුට මේක පෙන්නුවා.එයා බලලා කීවා සෙනර් ඩයොඩ් දෙකක් පිච්චිලා.එක දැම්මම වැඩේ හරි කියලා.ඊට පස්සෙ මේ උපකරනය හැමතැනම හෙවුවා. හොයගන්න බැරි වුනා. පස්සෙ මේ ගැන Techකතා වලට ලීවා.එතනදි ලැබුන උත්තරෙත් E-Bay.

ඒත් ඒකට ක්‍රෙඩිට් කාඩ් නැති නිසා ඉවසන් හිටියා.ඔහොම ඉද්දි තමයි ධනිකගෙ ලිපි මාලාව කියවන්න ලැබුනෙ.ඒත් කොහොමහරි මගෙ අතින් ඒක ක්‍රියාත්මක උනේ නෑ. ඒත් මගේ මිත්‍රයා වැඩේට බැස්සට පස්සෙ මිනිහා උපරිම වේගෙන් ක්‍රියාත්මක උනා.ඒ ගමන්ම මගෙ වැඩෙත් කරගත්තා. මේ තියෙන්නෙ ඒ උපකරණයි.

තාම මොනිටර් එක හදාගන්න යන්න බැරි වුනා. ඒ වැඩේ කෙරෙන්නෙ සෙනසුරාදා.ලඟදිම සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.කිසි බයක් සැකක් නැතුව E- Bay එකෙන් බඩු ගන්න කියල තමා අන්තිමට කියන්න තියෙන්නෙ.

;;
Related Posts with Thumbnails