Tuesday, April 13, 2010

සුභ අලුත් අවුරුද්දක් වේවා




ලබන්නාවූ නව වසර බ්ලොග් ලියන කියවන සියලු දෙනා ඇතුලු ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා..

ප්‍රියන්ත කරුණාරත්න
ඉනෝෂා දිල්හානි
ගීනුල දුල්මිත්

Friday, April 2, 2010

හත් වලාමෙ වෙච්ච දේට මක් කොරන්නද..?

එක එක දේවල් නිසා සෑහෙන දවසකින් බ්ලොග් එක ලියන්න බැරි වුනා..මොනවා හරි ලියන්නම් කියලා හිත හිත ඉද්දි මට වෙච්ච අවාසනාවන්ත සිද්ධිය බ්ලොග් එකේ නොලියා වෙන මොකේ ලියන්නද මං..
පායලා පායලා තිබිලා පහුගිය දවස් වල අපිටත් වැස්සනෙ.. පහුගිය බ්‍රහස්පතින්දා හවස හොඳටම වැස්සා..මම ඉතින් වැඩනේ.. මම හවස ගෙදර ගිහින් බලද්දි ඉන්ටර්නෙට් වැඩ නෑ.රවුටර් එක් පවර් වැඩ.. ADSL LED එක බ්ලින්ක් වෙනවා.LAN LED එක වැඩ කරන්නෙම නෑ..
අවසානයෙයෙදි හොයාගත්තා වෙච්චදේ.. ( වැස්ස වෙලාවෙ අකුණු ගහලා ට්‍රිප් එකත් ඕෆ් උනා කියලා ගෙදර උන්දැ කීවා ) දැන් හරි සනීපයි. රවුටරේ වල කජ්ජ ගහලා.
ඒ විතරක් නම් මදෑ ඔන් බෝර්ඩ් නෙට්වර්ක් ඇඩප්ටරයත් වැඩ නෑ.දැන් මොකේද දන් වලඳන්නෙ කීවලු...
එහෙන් මෙහෙන් අවුස්සලා නෙට්වර්ක් කාඩ් එකක් හොයගෙන ගහලා එකනම් හදාගත්තා. ඒත් රවුටරේට මොනවා කරන්නද..? මේ වගේ ප්‍රශ්න වලට වොරන්ටියෙන් සහයක් ගන්න බෑනෙ..අවුරුද්දත් කිට්ටු කිට්ටු කියලා සල්ලි ඕනෙම කරන වෙලාවෙ තව රවුටරයකුත් ගන්න වුනාම හරිම සනීපයි..මේ ජංජාලෙට පුරුදුවෙලා ඒක නැතුව ඉන්නත් බෑ.වැඩකරන තැන ඉන්ටර්නෙට් තියන නිසා මේ ටිකවත් ලියගත්තා..අදට නවතින්නම් ලඟදිම එනවා....

Friday, February 12, 2010

මගේ ෆොටෝ බ්ලොග් එක


ටික කාලෙකට උඩදි මම ෆොටෝ බ්ලොග් එකක් හැදුවා.එත් මට ඒකෙ මොකක්දෝ අවුලක් තිබුනා.හැමදාම අවුල තියගෙන ඉන්න බෑනෙ. ඔන්න මම ඒක හිතට හරියන විදියට වෙනස් කලා.ෆොටෝ ගැන මගෙ අදහසුත් ලීවා.සිංහල අන්තර්ගතයක් තියන නිසා සින්ඩියටත් ඉල්ලුම් කලා.සියලු දෙනාටම ආරාධනා කරනවා පොඩ්ඩක් ඇවිත් බලලා ගුණ දොස් කියලා යන්න කියලා.ඒක මට ලොකු ශක්තියක්.මොකද මම ඇම්මට ෆොටෝ ගත්තට වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් නෙමෙයි.

http://priyantha-photo.blogspot.com/

Monday, February 8, 2010

එහෙන් මෙහෙන් පොඩ්ඩ පොඩ්ඩ..

මාසෙකින් විතර මුකුත් ලියන්නත් බැරි වුනා.පුතු පැටියා ලැබිලා අදට හරියටම මාසයයි.ඒ ගැන නම් හරිම සතුටුයි.
පහුගිය කාලෙ ඡන්ද උනුසුමනෙ.ඒ ගන ලියවුන බ්ලොග් බලලම මට බ්ලොග් ලියන්න වෙලාවක් නැති වුනා.මහ මැතිවරණයත් ලඟ එන නිසා තව කියවන්න නම් ලැබෙයි ගොඩාක් දේවල්..තර්කානුකූලව තම මතය සනාත කරනවා වෙනුවට හුඟක් අය ලීවෙ අවලාද.ඒකට ඉතින් වරදක් කියන්න බෑ.එකිනෙකාට මේ දේවල් දැනෙන විදිය වෙනස් වෙන්න පුලුවන්නෙ. කොහොම උනත් රූපවාහිණී නාලිකා වල දේශපාලන සංවද වගේම බ්ලොග්වල ලියවුන සංවාදත් හරිම රසවත්.

ඔය ජර මර අස්සෙම මම උබුන්ටු දැම්මා.මම කාලයක් තිස්සෙ xp සහ විස්ටා එකට පාවිච්චි කලා.ලඟදි මම විස්ටා වෙනුවට windows 7 දැම්මා.ඒ ගැන බ්ලොග් එකකුත් ලීවා.windows 7 කොච්චර අල්ලලා ගියාද කියතොත් xp වලට යන්න උනේම නෑ.ඒ නිසා මම xp වලින් සමුගන්න හිතුවා.ඊට පස්සෙ 7 දැම්මා.ඊටත් පස්සෙ 7 එක්කම උබුන්ටුත් දාගත්තා.දැන් පොඩ්ඩ පොඩ්ඩ අල්ලගෙන යනවා.පරිඝනක ගැන කිසිම පාඨමාලාවක් හදාරලා නැති මට මේ වැඩේ නම් ටිකක් අමාරුයි.අවුලක් වුනොත් උදවු ගන්න බ්ලොග් ලියන අය ඉන්නවනෙ.

ඔය අස්සෙම මන් ලියපු බ්ලොග් එකක් පත්තෙර් ගියා කියලා ආරංචියක් ආවා.අනේ තාම පත්තෙරේ හොයගෙන බලන්න නම් බැරි වුනා.සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදේ මේ ගැන සාකච්ඡාවක් ගිය බව නම් මතකයි.කොහොම හරි එහෙම උනානම් ෆිට් තමයි.මේ වගේ වැඩ වලින් හමෝගෙම උනන්දුව වැඩි වෙනවා.

අදට නවතිනවා..අයෙ ඉක්මනට එනවා...

Sunday, January 10, 2010

පොඩ්ඩට නමක්....?

බ්ලොග් ලියන කියවන අයගෙන් පොඩි උදවුවක් ඉල්ලන්නයි යන්නෙ.මීට කලින් දාපු පොස්ට් එකේ කිවුවනෙ පුතෙක් හම්බුනා කියලා.දැන් ලස්සන නමක් දාගන්න ඕනනෙ. උපන් නැකත අනුව ලැබුන විස්තරේ මෙන්න මේක..

1. සිත නැකත, 3 පාදය, රාක්ෂ ගණ ---> ර - රා
2. කුම්භ ලග්නය ---> ප - බ - ම
3 .සිකුරදා දවස ---> ච - ජ

1 පේලිය වඩාත් හොඳයි.
2-3 පෙළි වල අකුරුවලට ඉස්පිලි පාපිලි වෙනස් වූවාට කමක් නැත.

මේ විස්තර අනුව නමක් යෝජනා කරන්න පුලුවන්නම් ගොඩාක් අගය කරනවා..
සීසර් සැත්කමකින් දරුවා ලැබුන නිසා තවමත් දරුවත් බිරිඳත් රෝහලෙ.දෙදෙනාම සනීපෙන්.මමත් ගොඩාක් සතුටින් ඉන්නෙ. කලින් පෝස්ට් එකට ලැබුන කමෙන්ට් වලට ගොඩක් ෆිට්.ඒ නිසා මෙතනදිත් ඔයාලගෙ හෘදයාංගම අදහස් බ්ලපොරොත්තු වෙනවා.

Saturday, January 9, 2010

ජීවිතේ වටිනාම දවස..

ගෙවුන ජීවිත කාලය තුල මට ඉතාම වැදගත් දවස් ආවා.ඒ හැමදාකම මට හිතුනා ජීවිතේ වටිනාම දවස ඒ දවස කියලා.කලය ගෙවිලා තව දවසක් ආවා.ඒ ඊයෙ දවස ( 2010 - 01 - 08 ) මට දැන් හිතෙනවා මගෙ ජීවිතේ වැදගත්ම දවස ඊයෙ කියලා..එකට හේතුව මම කියන්නම්.. ඒත් ඊට කලින් ඊයෙ දවස ගැන මගෙ මිත්‍රයෙක් මට එවපු ඊ මේල් එක පොඩ්ඩක් බලලා ඉන්න කියලා ආරාධනා කරනවා.ඒකෙ මෙහෙම තිබුනා....

" උඹ තාත්තෙක් උනා නෙද? මම දන්නව මම තාත්තෙක් උන දවසෙ මට දනුන හැගීම්ම උඹටත් දැනුන බව. ඒ වගෙම තමා ඒ මොහොතට කලින් හිතට එන බය. අනිවර්යයි උඹත් ඒ අත්දැකීම විදින්න ඇති. මේක අමුතු ලෝකයක් බන්. පුදුම විදියට අපි දැක්කෙවත්, දන්නෙවත් නැති අය අපේ ජීවිත තුලට ඇවිත් අපේ හදවත හොරා ගන්නවා. ඉන් පස්සෙ අපේ මුලු ලෝකයම එයාල වෙනවා. මේක තවත් කඩඉමක්. මම කලින් එතනට අවා. උඹ අද ආවා. ඉතින් මචන් අපි දෙන්නම දැන් තාත්තල. මම උඹට හදවතින්ම සුභ පතනවා. "

දැන් කාරණාව පැහැදිලි ඇතිනෙ.කියාගන්න බැරි හැඟීම් සමුදායකින් හිත පිරිලා තියන මේ වෙලාවෙ මට ගොඩක් දේවල් ලියාගන්න බෑ. දැනට නවතින්නම්.

Sunday, January 3, 2010

පින් සිද්දවෙයි මට කියන්න...!



ජනවාරි පළමුවෙනිදා උදේම මට වෙච්ච් දෙයක් කියන්නයි යන්නෙ..ඊට කලින් කියන්න ඔනෙ මම පරිඝනක මෘදුකාංග හෝ දෘඩකාංග ගැන කිසිම විද්‍යානුකූල අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙමෙයි.මගේම තියන ඇම්මට එහෙන් මෙහෙන් අහුලගෙන පොඩ්ඩ පොඩ්ඩ තනියම ඉගෙනගත්ත කෙනෙක් මම.

ඔන්න කතාව...මන් උදේම Computer එක ඔන් කලා..ඒත් මොනිටර් එකට කිසිම දෙයක් ආවෙ නෑ.යස අගේට ක්‍රියාකල
යන්තරේ නතර වුනාම පිස්සු හැදෙනවනෙ..දෙපාරක් විතර OFF කරලා නැවත ON කලත් වැඩක් වුනේ නෑ.ඊට පස්සේ සේරම පැත්තක දාලා වැඩට ගියා.හවස පටන් ගත්තා මෙහෙයුම.මම දැනගෙන හිටියා ඩිස්ප්ලේ එක නොයෙන්න එක හෙතුවක් කියලා RAM වල තියන ප්‍රශ්ණ.මම මුලින් RAM කාර්ඩ් දෙක ගලවලා එක එක මරුවෙන් මාරුවට ගහලා බැලුවා.වැඩක් උනේ නෑ.

ඊට පස්සෙ සිග්නල් කේබල් එක ග්‍රැෆික්
කාර්ඩ් එකෙන් ගලවලා ඔන් බෝර්ඩ් ගහලා බැලුවා.හරි ගියෙ නෑ.හාර්ඩ් ඩිස්ක් DVD ROM සේරම ගලවලා අයෙ බැලුවා අඩුගානෙ මදර් බෝර්ඩ් එකවත් පෙන්නනවද කියලා.එත් නෑ.මන් හිතුවා මදර් බෝර්ඩ් එකට කෙලවිලා කියලා.ඒක මාරුකරලා බලන්න විදියක් මට නෑනෙ.හදන තැනකට ගෙනියන්න හිතලා මදර් බෝර්ඩ් එක ගලවලා එලියට ගත්තා.එක කරන්නත් වෙන්නෙ හෙටනෙ.එ නිසා හිත හදාගෙන නිදාගත්තා.

ඊයෙ දෙවනිදා..ඒ කියන්නෙ සෙනසුරාදා.මගෙ නිවාඩු දවස.මේ ප්‍ර
ස්නෙ විසඳගන්න හොඳම දවස.ඒත් යන්න කලින් ආයෙම උත්සහ කරලා බලන්න මට හිතුනා.මදර් බෝර්ඩ් එක මේසෙ උඩ තියලා පවර් සප්ල්යි එකත් මෙසෙ උඩ තියලා දෙක සම්බන්ද කාලා.සිග්නල් කේබල් එක ඔන් බොර්ඩ්ම ගහලා කී බෝර්ඩ් මවුස් සම්බන්ද කලා.පවර් ස්විච් එකට අදාල පින් දෙකට ටෙස්ටරයක් ගාවලා ඔන් කලා.සුපුරුදු පරිදි මොනිටරේටනම් මුකුත් ආවෙ නෑ.ආ කියන්න බැරි වුනා.නංගිගෙ Computer එක මගෙ මොනිටරේට ගහලා බැලුවා.මොනිටරේ අවුලක් නෑ.ඒක කලේ පළවෙනි දවසෙම...

මම අහලාතිබුනා RAM අප්සෙට් නම් බීෆ් කෝර්ඩ් එකෙන් දැනගන්න පුලුවන් කියලා.ඒත් මේ මදර් බෝඩ් එකේ ස්පීකර් එකක් නෑ.පරන ලට්ට පට්ට අවුස්සලා හොයගත්තා මදර් බෝර්ඩ් එකට ප්ලග් කරන්න පුලුවන් ස්පීකර් එකක්.එක ගහලා RAM දෙකම ගලවලා දාලා අයෙ ඔන් කලා..ආ.. ඔය එන්නෙ සද්දෙ නියමෙට..ඒ කියන්නෙ මදර් බෝර්ඩ් එක දන්නවා RAM නෑ කියලා. ඒ නිසා මට හිතුනා මදර් බෝර්ඩ් එකෙ අවුලක් නැද්ද දන්නෙත් නෑ කියලා. කෝකටත් එක RAM එකක් ගහලා ඔන් කලා.මෙන්න යකෝ ඩිස්ප්ලේ එක අවා.ඔන්න දැන් හිතට පොඩි සහනයක් ආවා. අනිත් RAM එකත් ගහලා බැලුවා.එත් වැඩ.ඒ කියන්නෙ RAM හොඳා.ග්‍රැ
ෆික් කාර්ඩ් එකටත් ගහලා බැලුවා.එත් වැඩ.එකෙ අවුලක් තිබිලත් නෑ.ඊට පස්සෙ හාර්ඩ් ඩිස්ක් එක ගහලා ඔන් කලා.සෝක් එකට බූට් වෙලා Windows 7 ඇරුනා.ඊටපස්සෙ සේරම කෑලි ටික ගලවලා.හොඳට දූවිලි පිහලා සේරම අමුනලා ගත්තා.දැන් නම් කිසි හෙනයක් නෑ.

පින් සිද්දවෙයි දන්න කෙනෙක් මට කියන්න මේකෙ තිබුන ලෙඩේ මොකක්ද….?

;;
Related Posts with Thumbnails